Facebook

ස්‌වර්ණාභරණ කොල්ල කෑමට මහලු යුවළ මරා දමලා

ආණමඩුව, පල්ලම විල්පොත ජනපදයේ ජීවත් වූ මහලු අඹු සැමි යුවළක්‌ (21 වැනිදා) සවස කපා කොටා මරාදමා තිබේ. මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ ඇල්ප්‍රඩ් ප්‍රනාන්දු (වයස 78), රීටා ප්‍රනාන්දු (72) යන දෙදෙනාය. නිවසේ තිබෙන ස්‌වර්ණාභරණ හා මුදල් පැහැර ගැනීමට පැමිණ මෙම ඝාතන සිදුකර ඇතැයි පොලිසිය සැකකරයි.

ද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වන පල්ලම පොලිසිය සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර රන්මාල 2 ක්‌ද අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ උපදෙස්‌ පරිදි පල්ලම පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ධර්මසිරි රාජපක්‍ෂ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ මෙහෙය වති. මේ පිළිබඳව අතිශය වේදනාවෙන් කරුණු දැක්‌වූ එම දෙපළගේ වැඩිමහල් දියණිය රෝස්‌ මරියා ප්‍රනාන්දු (48) මහත්මිය මෙසේa කීවාය.

"මේ මරා දාලා තියෙන්නෙ මගේ අම්මයි තාත්තයි. කොහොම උහුලන්නද මේ වේදනාව. ඒ දෙන්නා අපේ මහ ගෙදර තමන්ගේ පාඩුවේ ජීවත්වුණේ. කාටවත් කරදරයක්‌ නැතිව. අපි ඉන්නේ අහල පහල, අයියත් මේ ළඟ ඉන්නෙ. මල්ලියි නංගියි ඉතාලියේ. එදා අපි ආණමඩුවෙ පොළට ගියා. අම්මලාටත් එක්‌ක බඩු ගේන්න. යන්න කලින් අම්මා කිව්වා දරුවන්ට ගෙදර කෑම තියෙනවා. ඉස්‌කෝලේ ඇරිලා ඇවිත් අරන් යන්න කියන්න කියලා. මෙහෙම කපලා කොටලා මරන්න තරම් මිනිස්‌සු දරුණු වුණේ කොහොමද දෙයියනේ."

නෙවිල් ටයිටස්‌ ප්‍රනාන්දු

"මේක පුදුම අපරාධයක්‌. යකෙකුට මිසක්‌ මනුස්‌සයකුට මෙහෙම අපරාධයක්‌ කළ හැකිද? ඔය තරම් කපලා කොටලා දාන්න පුළුවන් කාටද. වයසට ගිහිල්ලා තමන්ගේ වැඩක්‌ බලාගෙනයි අම්මයි තාත්තයි හිටියේ. දරු මුණුබුරෝ නිතර එනවා. ඒ අය අවට ඉන්නෙ. එදා ඒ වේලාවෙ අපේ කුඩා දරුවොත් මඟහැරිලා තිබුණා.

ඩග්ලස්‌ ප්‍රනාන්දු (බෑනා)

"අපි පොළේ ඉදන් එනකොට ආරංචි වුණේ. ගෙදර ඇවිත් බලනකොට ලේ විලක්‌. වයසක අම්මෙකුව තාත්තෙකුව මෙහෙම කපලා කොටලා මරන්න හිතක්‌ දරුණු වෙන්න පුළුවන්ද

?
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment