රට ආපසු හැරී යන්නේ විනාශකාරී තත්ත්වයකට බවද ඔහු පෙන්වාදෙයි. කොළඹදී අද (24) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
යුද්ධයෙන් පසු අනාගත දියුණුව රඳා පවතින්නේ අධ්‍යාපනය අත යැයි පැවසුවත් යුද්ධය නිමවී වසර 3ක් ගතවන විට එන්න එන්නම අධ්‍යාපනය කඩා වැටෙමින් පවතින බව මන්ත්‍රීවරයා පැවසුවේය.
සරසවි ආචාර්යවරුන් සිය ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුව සමග දිගින් දිගටම සාකච්ඡා කළත් එයට රජයෙන් විසඳුමක් නොලැබුණ බව අජිත් පි පෙරේරා මහතා පෙන්වාදුන්නේය.
මේ හේතුවෙන් ඔවුන්ට සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා වෘත්තීය සමීති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවු බව මන්ත්‍රීවරයා සිහිපත් කළේය.
ජනාධිපතිවරයා මෙරට ජනතාව විසින් පත්කර ගත් සේවකයෙකු මිස ඔහු මේ රටේ රජ්ජුරුවෝ නොවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Blogger Comment
Facebook Comment