ශනි ලෙස හඳුන්වන සෙනසුරු ග්‍රහයා අගෝස්‌තු මස 4 වැනිදා උදේ 8.36 ට එනම් අද
දින තුලා රාශියට හෙවත් තමන්ගේ රාජ භවනට සම්ප්‍රාප්ත විය. මකර සහ කුම්භ
රාශීන් දෙකේ අධිපතිත්වය ශනිට හිමි අතර, ශනිගේ උච්ච රාශිය සිකුරු හිමි
තුලාවයි. එනම් උච්ච රැස තමන්ගේ අණසක හා බලය නිසියාකාරව භාවිතා කළ හැකි
ස්ථානයයි. ග්‍රහයෙකුගේ අධිපති භාවයන් සහ උච්ච භාවය පිළිබඳ කිසියම් කෙටි හැඳින්වීමක් මෙහිදී නොකළහොත්, දෝසතර නොදත් අයට, කරුණු වටහා ගත නොහැකි වේ. එබැවින් කෙටි උදාහරණයක් ඇසුරෙන් මා එය ඔබට පසක් කරන්නම්.
අතිගරු ජනාධිපතිතුමාට, ජනාධිපති මන්දිරය තරම් බල පරාක්‍රමයෙන් යුතුව ක්‍රියා ක්‍රිරීමට සුදුසු වෙනත් ස්ථානයක් නොමැත. එහිදී සෑම කෙනාම පාහේ තම අණසකට යටත්ය. බාධක පය පෑගුන දුහුවිල්ලක් මෙනි. මෙන්න මේ වගේ, එනම් අතිගරු ජනාධිපතිතුමා, ජනාධිපති මන්දිරයට ගියා වගේ තමයි, කිසියම් ග්‍රහයෙක් තම උච්ච රාශියට පිවිසෙනවායි කියන්නේ. ශනි තුලාවට පිවිසීම මෙවැන්නකි.
එතකොට ග්‍රහයෙකුගේ අධිපති රාශීන් ලෙස හඳුන්වන්නේ කුමක්ද? මකර සහ කුම්භ රාශීන් දෙකේ අධිපතිත්වය නැතහොත් ස්වක්ෂේත්‍ර බලය ශනිට හිමිය. එනම් ඒවා ශනිට හිමි ගෙවල් දෙකක් වැනිය. ශනි ඒවාට පිවිසීම පෙර උදාහරණයෙන්ම පැවසුවහොත්, එය හරියටම මහින්ද මහත්තයා මිද්දෙනියෙ තිබෙන මැදමුලන වලව්වට හෝ තංගල්ලේ කාල්ටන් නිවසට ගියා වගේ. එනම් තමන්ගෙ ගෙදර ගියා වගේ.
මෙහිදී අතිගරු ජනාධිපතිතුමා වෙනුවට මහින්ද මහත්තයා ලෙස හැඳින්වීමෙන් ද ග්‍රහයන් ස්ථාන අනුව පවතින තත්වය හා හැසිරෙන ආකරය වටහා ගත හැකියි.
සෙනසුරු ග්‍රහයා හෙවත් ශනි සූර්යා වටා එක් වටයක් ගමන් කිරීමට වසර තිහක් වැනි දීර්ඝ කාලයක් ගතවේ. එනම් රාශි දොළසක් සහිත රාශි චක්‍රයේ එක රාශියක වසර දෙක හමාරක පමණ කාලයක් ගෝචරයේ යෙදේ. මෙම කාලය වක්‍රවීම, නිවෘත වීම ආදීයෙන් මදක් අඩු වැඩි වේ.
මේ අනුව එක රාශියකට පිවිසි සෙනසුරු යළිත් වතාවක් එම රාශියට පිවිසෙන්නේ වසර තිහකට පසුවය. එසේනම් යම් ජන්මියෙකුගේ කිසියම් රාශියකට මෙසේ සෙනසුරු පිවිසෙන්නේ ජීවිතේට දෙවතාවක් හෝ උපරිමය තෙවතාවකි.
එබැවින් සෙනසුරු මාරුව මගින් ගෙන දෙන සුභාසුබ වැඩි කාලයකට බල පවත්වනු ලැබේ. ඊට අමතරව වසර හතහමාරක් වැනි දීර්ඝ කාලයට ඒරාෂ්ඨක අපල සෙනසුරුගෙන් හිමියි. ජන්ම ඒරාෂ්ඨක, ලග්න ඒරාෂ්ඨක හා අෂ්ඨම ඒරාෂ්ඨක මීට ඇතුලත්ය. සෙනසුරු මහ දසා අන්තර් දසාවන්ගේ කාලයද සෙසු ග්‍රහයන්ගේ දසා කාලවලට වඩා වැඩිවේ.
මෙවර සිදුවන සෙනසුරුගේ ග්‍රහ ගෝචරය ලග්න තුනකට වඩාත් සුභ වන අතර සෙසු ලග්න නවයටද යහපත් වූ මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරනු ඇත. වෘෂභ, සිංහ සහ ධනු ලග්නවලින් උපන් අයට මෙම සෙනසුරු මාරුවෙන් වඩාත් ශුභදායක වේ. වෘශ්චික ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ඨකයේ පළමු වසර දෙකහමාරද, මීන ලග්න හිමියන්ට අෂ්ඨම ඒරාෂ්ඨකයද මෙම සෙනසුරු මාරුවෙන් ආරම්භ වේ. සෙනසුරුට සතුරු දශා ගත කරන අයට සෙනසුරු මාරුවෙන් යහපත් නොවන අතර සෙනසුරුට සතුරුවන දශා ගතකරන ජන්මින්ට පෙර කී ඒරාෂ්ඨක අපල තදින් බල පැවැත්වෙනු ඇත. මේ ගැන වැටහිමක් නොමැති අය දක්ෂ අයෙක් ලවා තම කේන්දරය පරීක්ෂා කර ගත යුතුය.
උපතින්ම තුලා රාශිගතව සෙනසුරු හෙවත් ශනි සිටීමෙන් "සස" නම් පංචමහා පුරුෂ යෝගය ඇතිවේ. එම රාජයෝගය සහිත උපන් ජන්මින්ට මෙම සෙනසුරු මාරුව ඉතා යහපත්ය.
සෙනසුරු මාරුව එක් එක් ලග්නවලට බලපාන්නේ කෙසේදැයි ඊළඟට බලමු.
Blogger Comment
Facebook Comment