Facebook

පළමු ඉලක්‌කය අවසන් පූර්ව වටයට ඒමයි - ශෂිකලා සිරිවර්ධන

පන්දුවාර විස්‌සයි-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට සමගාමීව ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය විසින් පවත්වනු ලබන කාන්තා විස්‌සයි-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය අද (26 දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ආරම්භ වේ. සමාරම්භක තරගය වන මෙම තරගය පෙ.ව. 9.30 ට ආරම්භ වන අතර අනතුරුව ප.ව. 1.30 ට බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්ත අතර තරගය පැවැත්වෙනු ඇත.

විස්‌සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ තෙවැනි තරගාවලිය වන මෙම තරගාවලියේදී කාන්තා කණ්‌ඩායම් 8 ක්‌ පළමු වටය යටතේ zඒZ සහ zබීZ වශයෙන් කාණ්‌ඩ දෙකක්‌ යටතේ තරග වදිනු ඇත. එහි zඒZ කාණ්‌ඩය යටතේ ඔස්‌ටේ්‍රලියාව, එංගලන්තය, ඉන්දියාව සහ පාකිස්‌තාන කණ්‌ඩායම්ද සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායම ඇතුළු දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම් zබීZ කාණ්‌ඩයෙන් තරග වදිනු ඇත.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී තම කණ්‌ඩායම යහපත් මානසිකත්වයකින් සහ ශාරීරිකව හො`ද සූදානමකින් සිටින බව පවසන ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන, අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලැබීම තමන් ඇතුළු කණ්‌ඩායමේ පළමු බලාපොරොත්තුව බව සඳහන් කර සිටියාය.


අද තරගය පෙර සූදානමක්‌ ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්‌ඩායම ඊයේ (25 දා) මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේදී සිය අවසන් පුහුණු සැසියට සහභාගිවුණු අතර ඒ අතරතුරදී මාධ්‍යයට අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා නායිකාව ඉහත අදහස්‌ පළ කර සිටියාය.

zඅපි මේ තරගාවලියට මාස එකහමාරක්‌ තිස්‌සේ විශේෂ පුහුණුවක්‌ ලැබුවා. එහිදී පුහුණු තරග රැසකට සහභාගිවීමේ අවස්‌ථාව උදාවීම මත මානසිකව සහ ශාරීරිකව හො`ද තත්ත්වයක ඉන්නවා. අද තරගයේ ප්‍රතිවාදීන් වන දකුණු අප්‍රිකාවට එරෙහිව අපි විස්‌සයි 20 තරගයක්‌ ජයග්‍රහණය කර තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ දුර්වලතා සහ හැකියාවන් පිළිබ`දව මනා අවබෝධයකින් යුතුව අද තරගයට තරග වැදීමේ බලාපොරොත්තුවෙන් පසුවනවාZ යෑයි ඕ පවසන්නීය.

අදාළ පළමු තරග වටයේ ශ්‍රී ලංකාවට ජය ගත හැකි තරගයක්‌ ලෙස සැලකෙන අද තරගය ජය ගනිමින් තරගාවලියට පීඩනයකින් තොරව පිවිසීම ශ්‍රී ලංකා කණ්‌ඩායමේ බලාපොරොත්තුව වේ. ඒ සඳහා තරගයෙන් තරගය සැලසුම් කළ යුතු බව පවසන ශ්‍රී ලංකා නායිකාව, පළමු තරග දෙකම ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.

ශ්‍රී ලංකා කණ්‌ඩායම මීට පෙර පැවැති ලෝක කුසලාන තරගාවලි දෙකේදීම එක්‌ තරගය බැගින් ජය ගැනීමට (පාකිස්‌තානයට එරෙහිව) සමත්වීම මත අදාළ අවසන් පූර්ව තරගවටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය.

මෙහිදී තම කණ්‌ඩායමේ ශක්‌තිය පිළිබඳවද අදහස්‌ දක්‌වා සිටි ඇය zකණ්‌ඩායම සතුව වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඉන්නවා. ඒ වගේම අපේ ද`ග පන්දු යෑවීමේ බලැනිය ඉතාමත් ශක්‌තිමත්, ඇතැම් විට ද`ග පන්දු යවන්නියකගෙන් පන්දු යෑවීම ආරම්භ කරන්න පුළුවන්Z යනුවෙන් සඳහන් කළාය.

අද තරගය පැවැත්වෙන ගාල්ල තණතීරුව ද`ග පන්දු යවන්නන්ට උචිත අයුරින් හැසිරෙන බව පෙර තරගවලට සාපේක්‍ෂව පිළිගනු ලබන නමුත් එය ලකුණු රැස්‌ කළ හැකි තණතීරුවක්‌ වන බවද ශෂිකලා පැවැසුවාය.

zලෝක කුසලාන තරගාවලිය අපේ රටේ පැවැත්වීම ලොකු වාසියක්‌, මම වසර නවයක්‌ ජාතික කණ්‌ඩායම නියෝජනය කළා. සමහර විට මට නැවත ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කරන්න නොහැකි වෙන්නත් පුළුවන්. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින් වෙනුවෙන් අපි පළමුවෙන්ම අවසන් පූර්ව තරගයට එන්න උපරිමයෙන් ක්‍රීඩා කරනවා.Z යනුවෙන් ශෂිකලා සිරිව¾ධන අවසන් වශයෙන් පැවසුවාය.
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment