Facebook

වසර හතරකට පසුවත් ලොව වේගවත්ම මිනිසා උසෙයින් බොල්ට්!

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල්දී ලොව වේගවත්ම මිනිසා ජැමෙයිකාවේ උසෙයින් බොල්ට් බව ‍මේ දැන් මොහොතකට පෙර එනම්, ලන්ඩන් වේලාවෙන් ප.ව. 9.50 (ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 2.20 ට) පැවති මීටර 100 අවසාන තරඟයේදී ඔහු ඔප්පු කර පෙන්නුවා. පෙර පැවති ඔලිම්පික් වාර්ථාව බිඳ හෙළමින් තත්පර 9.63 උසෙයින් බොල්ට් තරඟය අවසන් කළා.

ඔලිම්පික් ක්‍රීඩා තරඟයේ 9 වන දිනය වූ අද ඔහු විසින් බිඳ ‍හෙළන ලද්දේ වසර 4 කට පෙර පැවති ඔලිම්පික් තරඟයේදී ඔහු විසින්ම තැබූ ඔලිම්පික් වාර්තාවයි. 2008 දී ඔහු තත්පර 9.69 මීටර් 100 නිම කර තිබුනා.
උසෙයින් බොල්ට් පිට පිට දෙවතාවක් වාර්ථා තබමින් හා වාර්ථා කඩමින් ඔලිම්පික් බිමේ වේගවත්ම මිටර් 100 ධාවකයා වූවත්, ඔහු තත්පර 9.58 කදි මීටර් 100 අවසන් කරමින් ලෝක වාර්තාවක් තිබ්බා. ඒ 2009 වසරේ ජර්මනියේ බර්ලින් නුවරදීයි.

"මම කවදාවත් හොඳ ආරම්භකයෙක් නොවෙයි, ඉදිරියේදීත් මම හොඳ ආරම්භකයෙක් නොවේවි" යැයි තරඟය අවසානයේදී උසෙයින් බොල්ට් පැවසුවා.


Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment