Facebook

දරු පස්‌දෙනා අතහැර තහනම් ගහේ ගෙඩි කෑ මව

පස්‌දරු මව  35 හැවිරිදි රූමත් කතකි. අත්අඩංගුවට ගන්නා විට ඇය දීගකමින් සිටියේ ඇයට වඩා වසර දහයක්‌ ලාබාල තරුණයකු සමඟය. දරුවන් පස්‌දෙනා 13, 8, 6, 5 සහ 3 යන වයස්‌වල පසුවෙති.

අනියම් සැමියකුගේ පහස විඳීම සඳහා බාලවයස්‌කාර තම කුඩා දරු පස්‌දෙනා අත්හැර දමා ඔවුන්ට නොසලකා කෲරත්වයට පත්කිරීමේ චෝදනාව මත රිමාන්ඩ් භාරයේ පසුවූ තරුණ පස්‌දරු මවකට තරයේ අවවාද කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් එම සැකකාරිය රුපියල් ලක්‍ෂ දෙකක (2) බැඳුම්කරයකට යටත්කොට මුදාහැරීමට නියෝගකොට බාලවයස්‌කාර දරු පස්‌දෙනා ඇය වෙත මුදාහැරීමට නියෝග කළේය.


මීගමුව පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇප නියම වූ පස්‌දරු මව වූයේ කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි රූමත් කතකි. මෙම කාන්තාව මීට පෙර අවස්‌ථා දෙකකදී තම බාල වස්‌කාර දරුවන් සිය සැමියාට භාර දී වෙනත් පුරුෂයින් සමඟ ගොස්‌ ඇත.

ඇගේ වරදට අවස්‌ථා දෙකකදී සමාව දුන් සැමියා තෙවන අවස්‌ථාවේදී කුඩා දරුවන් පත්ව ඇති දුක්ඛිතභාවය පිළිබඳව මීගමුව පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය වෙත පැමිණිලිකොට තිබේ. එම දරුවන් පස්‌දෙනා 13, 8, 6, 5 සහ 3 යන වයස්‌වල පසුවෙති.

සිය දරුවන් කෲරත්වයට පත්කොට පළාගිය සැකකාර මව එම සිද්ධියෙන් මාස තුනකට පසුව මීගමුව නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඒ වනවිට ඇය දීගකමින් සිටියේ ඇයට වඩා වසර දහයක්‌ ලාබාල තරුණයකු සමඟය. සැකකාර මවට සහ දරුවන්ගේ පියාට තරයේ අවවාද කළ මීගමුව ප්‍රධාන මහේස්‌ත්‍රාත්වරයා මින් ඉදිරියට මෙවැනි අසම්මත සිදුවීමක්‌ සිදුවුවොත් දරුවන්ගේ භාරකාරත්වය පරිවාසභාරයට පත්කරන බවට පෙන්වා දෙන ලදී. 
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment