Facebook

එස්. බී. ට ටැපලිලා, ජනාධිපතිට ජනාධිපතිනිය කියලා

ඊයේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා පුවත් පත් කතුවරුන් සමග පැවති රැස්වීමට අපේ රටේ උසස් අධ්‍යාපන ඇමතිවරයා වූ එස්. බී. දිසානායක මැතිතුමාත් සහභාගි වෙලා.

කතුවරුන් ඉදිරියේ ඉසෙඩ් ස්කෝ ගැන පහදා දීමට එස්. බී. කරන ලද කතාවේදී කිහිපවතාවක්ම ඔහු විසින් ජනාධිපතිතුමාට "ජනපතිනිය" යනුවෙන් ඇමතීම නිසා බො‍හෝ දෙනෙක් අපහසුතාවයට පත් වෙලා.
"අතිගරු ජනාධිපතිතුමිය මේ සම්බන්ධව උපදෙස් දුන්නා",  "අපේ ජනපතිනිය නිසා තමයි මේක කළේ..." ආදී වශ‍යෙන් ඔහු අතීතයේදී චන්ද්‍රිකා ජනාධිපතිනිය ඉදිරියේ කරන ලද කතාවක් ලෙස තමයි කතා කරලා තියෙන්නේ.

පැමිණ සිටි කතුවරුන් මුහුණට මුහුණ බලා ගනිද්දී වහා ක්‍රියාත්මක වූ ජනාධිපතිතුමා "මේ... දැන් ඉන්නේ මමයි" කියමින් එස්. බී. ගේ අතීතාවර්ජනය විසන්ධි කර තිබෙනවා.

ඊට පස්සේ ඒස්. බී. ලැජ්ජාවෙන් ඇඹරුණ හැටි එතන හිටිය හැමෝම දැකලා තියෙනවා. එතකොට එස්. බී. ට මොනවා හිතෙන්න ඇත්ද?
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment