Facebook

ශ. ව. 1934 ක්වූ කන්‍යා රවි 08 භාග බිනර මස පුර අටවක තිථිය ලත් සැප්. මස 23 වැනි ඉරිදා සිට 29 වැනි ශනිදා දක්වා...

මේෂ

නිදහසට බාධා වන තත්ත්වයක් මතු වුවද එම බාධක අභිබවා ඉදිරියට යාමට හැකි වෙයි. අසල්වැසියකුට උපකාර කිරීමෙන් තෘප්තියක් ලබයි. රැකියා නොමැති අයට ඉල්ලුම් කරන ලද රැකියා සඳහා කැඳවීම් ලැබේ. මෙතෙක් පැවැති කරදරකාරී වාතාවරණය පහවී යනු ඇත.

ජය අංකය - 8

වෘෂභ

පවුලේ සාමාජිකයන් අතර මතුවන ප්‍රශ්න නිසා සිතේ කැලඹිලි ස්වරූපයක් ඇතිවෙයි. මංගල කටයුත්තක් ස්ථිර කරගත හැකි වෙයි. අදහස් හුවමාරු කිරීමේදී බුද්ධිමත් විය යුතුය. ණය ප්‍රශ්නයක් නිරවුල් කරගත හැකිය.

ජය අංකය - 4

මිථුන

බලාපොරොත්තු ඉටුවීමෙන් හිතට සහනයක් ඇති වෙයි. ගෘහ නිර්මාණ ශිල්පීන්ට හා ඉඩම් අලෙවි කරන්නන්ට යහපත්ය. ආදායමට සමාන වියදම් ඇති වෙයි. ඥාතින් අතරින් වැඩි හිතවත්කමක් මතුවීමට ඉඩ ඇත.

ජය අංකය - 7

කටක

රැකියාවේ ස්ථාන මාරුවීමක් කිරීමට අවස්ථාව සැලැසේ. පෙම් සබඳතා ඇති වෙයි. ඇසුරු කරන අය අතර විශ්වාසවන්ත බව තහවුරු වෙයි. කාලයක සිට හිතවත්ව සිටි අයකුගේ හදිසි වෙනස් වීමකට ඉඩ ඇත.

ජය අංකය - 6

සිංහ

බුද්ධිමත් බව ප්‍රදර්ශනය වන ආකාරයට කටයුතු කිරීමට අවකාශ සැලැසේ. ප්‍රභූවරයකුගේ සහයෝගයෙන් ආර්ථික දියුණුවට නව නැම්මක් ගොඩනඟා ගැනීමට අවකාශ සැලැසේ. ලේඛකයන්ට හා ජනමාධ්‍ය කරුවන්ට යහපත්ය. සති අන්තයේ විනෝද සංචාරයක යෙදීමට අවස්ථාව ලැබේ.

ජය අංකය - 2

කන්‍යා

වැඩිහිටි සහෝදරයකුගේ සහායෙන් ඉඩම් ලාබයක් හිමි වෙයි. පාරම්පරික දේපළක් හිමිකර ගැනීමට අවස්ථාව සැලැසේ. ගෘහ ජීවිතය සතුටුදායක වෙයි. සති අන්තයේ හිතවත් අයකුගේ පි‍්‍රය සාදයකට සහභාගි වීමට අවස්ථාව සැලැසේ.

ජය අංකය - 4

තුලා

දරුවකුගේ අනාගත වැඩ පිළිවෙළක් සම්බන්ධව වෙහෙසීමට සිදු වෙයි. එතෙර ගමන් යාමට බලාපොරොත්තු තැබු අයට සුබදායකය. රජයේ රැකියාවල නිරත අයට උසස් වීම් ලැබේ. විනෝදාංශ කෙරෙහි වැඩිපුර නිරත වීමට සිත පොලඹවන සතියකි.

ජය අංකය - 6

වෘශ්චික

දුර බැහැර සිටි හිතවතකුගේ මුණ ගැසීම සිතට සතුට වැඩි කරයි. ඉඩමක් හෝ නව නිවෙසක් මිලට ගැනීමට ගන්නා උත්සාහය සාර්ථක වෙයි. නව හිතවත්කම් වැඩි කරන සතියකි.

ජය අංකය - 1

ධනු

කලක සිට පැවැති ආර්ථික ප්‍රශ්නයකට විසඳුමක් ලැබේ. රජයේ රැකියාවල යෙදෙන අයට වැටුප් වර්ධන හිමි වෙයි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිරත අයගේ අදහස් සඵල වේ. ස්නායු ආබාධ ඇතිවිය හැක.

ජය අංකය - 7

මකර

හිතවත්කම් පාමින් තම දියුණුවට අවහිරකම් කරන අය පිළිබඳ විශේෂ අවධානය යොමු විය යුතුය. නිවාස අලුත්වැඩියාවකට හෝ නව ගෘහ භාණ්ඩ මිලයට ගැනීමට අවස්ථාව උදා වෙයි. උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට යහපත්ය.

ජය අංකය - 9

කුම්භ

මවු පාර්ශ්වයේ අයකුට අපල ගෙන දෙන සතියකි. රැකියාවේ අවුලක් මතුවීමෙන් සිත් වේදනා විඳින්නට සිදු වෙයි. විදේශ ගමන් යාමට බලාපොරොත්තුව සිටි අයගේ අදහස් ඉටු වේ. මිශ්‍ර ඵල උදා කරයි.

ජය අංකය - 4

මීන

පවුලේ දියුණුව සැලැසේ. සේවා ස්ථානයේ මතුවන ප්‍රශ්නයක් විසඳා ගැනීමට හැකි වෙයි. තීරණ ගැනීමේ දී බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. සෙම් රෝග සන්ධිපත් ආබාධ මතු වෙයි.

ජය අංකය - 5
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment