Facebook

උමාලිගෙ පෙම්වතා කලාවට සම්බන්ධ කෙනෙක්ලු!

පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණේ අපේ රංගන ශිල්පිනියක් ජපන් සිනමා පටයක ප්‍රධාන භූමිකාවට තෝරාගත් පුවතයි. ඒ වාසනාව උදාකරගත් ඇය ඉතාම කෙටිකලකදී කලා ක්ෂේත්‍රයට එක්වුණ නවක රංගන ශිල්පිනියක් වූ උමාලි තිලකරත්නයි.

තවත් නොබෝ දිනකින් ලාංකේය සිනමා ප්‍රේක්‍ෂකයින්ට දකින්නට අවස්ථාව උදාවෙන ‘ද ෆයිනල් ජජ්මන්ට්’ ජපන් සිනමා පටය ගැන උමාලි කතා කළා.

උමාලි ජපානයේ ඉඳලා කවදද ලංකාවට ආවේ?
පසුගිය ජූලි 28 දා. ඒ කෙටි නිවාඩුවකට. ආයෙත් ඉක්මනින්ම යන්න වෙනවා.

ඒ කියන්නේ දැන් ලංකාවේ හිටියා ඇති කියන එකද?
අපෝ නෑ. මම වැඩිදුර ඉගෙනීමේ කටයුතු කරන්නේ ජපානයේනේ.

ජපානයේ චිත්‍රපටය ගැන කතා කරමුද?
ඔව් ඇත්තටම ඒක මගේ ජීවිතයේ ලොකු භාග්‍යයක්.

කොහොමද ඒ අවස්ථාව උදාවෙන්නේ?
දවසක් මගේ තාත්තගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ ජපානයේ ඉන්න ජපන් ජාතික හරු මහත්මයා ආවා. නමුත් ඔහුත් සමඟ කතාබහ කරන්න සිද්ධ වුණේ මට. පසුව මම කලාවට සම්බන්ධයි කියලා දැනගත්තම ඔහු කියා සිටියා ජපානයට ආව දවසක කියන්න රංගනය ගැන ඉගෙනගන්න තියෙන ආයතනයකට යොමු කරන්නම් කියලා. ඒ අනුව තමයි මට ඒ අවස්ථාව උදාවෙන්නේ.

ඒ කියන්නේ ඔබ ඒ ආයතනයකට සම්බන්ධ වුණා?
ඔව් වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට මම ජපානයට ගිය වෙලාවේ හරු මහත්මයා හරහා IMO ‍ආයතනයට මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. එය විදේශීය රංගන ශිල්පි ශිල්පිනියන් බඳවා ගන්න ආයතනයක්. පසුව මෙවැනි චරිතයකට කෙනෙක් හොයනවා කියලා දැනගත්තම අපිව ඒ පරීක්‍ෂණවලට යොමු කළා.

මොනවද ඔවුන් ඔබෙන් ඇහැව්වේ?
ප්‍රධානම දේ ජපන් භාෂාව. මොකද මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම කෙරෙන්නේ ජපන් භාෂාවෙන්. ඉංගී‍්‍රසිවත් මගේ මවු බසවත් නෙමෙයි ඔවුන්ට අදාළ වුණේ. අනෙක් දේ ආගම පිළිබඳ මගේ දැනුම, සමාජ දේශපාලනය පිළිබඳ දැනුම. ඒ සියල්ල අසා බලලයි රංගනයේ කොටසක් මට කරන්න දුන්නේ.

ජපන් භාෂාව චතුරව කතා කරන්න ඔබ ඉගෙන ගත්තද?
මෙහෙමයි මම උසස්පෙළ කළේ විද්‍යා විෂයන්. නමුත් ජපන් භාෂාව පිළිබඳ ලංකාවේ මම ටිකක් ඉගෙන ගත්තා. ඒත් 2004 වසරේ අවුරුද්දක කාලයක් මම ජපානයට ගිහින් භාෂාව ඉගෙන ගත්තා. නැවත 2010 උසස් අධ්‍යාපනයට යනකොට හොඳ දැනුමක් මා තුළ ගොඩනැඟී තිබුණ කියලා හිතෙනවා.

හොඳයි ඔබ තෝරාගත්තේ ‘ෆයිනල් ජජ්මන්ට්’ සිනමා පටයේ ප්‍රධාන චරිතයටද?
ඔව් ප්‍රධාන කාන්තා චරිතය මට ලැබුණේ.

මොකද හිතුණේ මේ අභියෝගය ලැබුණාම?
මම මේ අන්තර්ජාතික නිර්මාණයකට එක්වුණ පළමු අවස්ථාව නොවෙයි. මීට පෙර ‘මදර් තෙරේසා ඔෆ් කල්කටා’ චිත්‍රපටයට දායක වෙලා තිබුණා. ඒ නිසා විදේශීය රංගන ශිල්පීන් එක්ක කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒත් ඒ මගේ රටේදි රූ ගත කළ නිසා. නමුත් විදේශයක මම දායක වුණ පළමු අවස්ථාව මෙයි.

ඒ කියන්නේ මේ අවස්ථාව අභියෝගයක් නෙවෙයි.
නැහැ නැහැ ලොකු අභියෝගයක්. නමුත් මට සූදානම් වෙන්න ලොකු කාලයක් තිබුණේ නැහැ. විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු කරන ගමන්මයි සම්බන්ධ වුණේ. මට දැනුණා රූගත කිරීම් වලදි මේක ලෙහෙසි පහසු නෑ කියලා. කායිකවත් මානසිකවත් සූදානම් වෙන්න මට සිද්ධ වුණා. කියවන්න හිතන්න සියල්ල තිබුණේ ජපන් වලින්. ඉතිං ඒකම විශාල අභියෝගයක්.

ජපන් රංගන ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
ඇත්තටම ඔවුන් ලොකු සහයෝගයක් මට දුන්නා. සාමාන්‍යයෙන් මම ජපන් භාෂාව හසුරුවද්දි වෙනසක් දැනෙන කොට ඔවුන් මට උදව් කළා. උච්චාරණයේ වෙනසක් තිබුණොත් කියලා දුන්නා. දර්ශන තලවලදි උපරිම සහයෝගය දුන්නා. අනෙක් දේ මම මස් මාළු කන්නේ නෑ. ඒ නිසා කෑම බීම පවා අපි හුවමාරු කරගත්තා.

ජපානයේ මෙම සිනමා පටය තිරගත වුණාද?
ඔව් පසුගිය ජුනි මාසේ දෙවැනිදා තිරගත වෙන්න පටන් ගත්තේ. සිනමා ශාලා 189 ක තිරගත වුණා.

කොහොමද ලැබුණු ප්‍රතිචාර?
ඉතාම ඉහළයි. මම නොහිතපු ආකාරයේ උණුසුම් පිළිගැනීමක් ලැබුණා මංගල දර්ශනයේදි. එහේ බොහෝ දෙනෙක් මට කතා කරලා සුබ පැතුවා.

එතැනින් පස්සේ ජපානයේ නිර්මාණවලට කතා කළේ නැද්ද?
මේ දවස්වල NHK රූපවාහිනී ආයතනය නිෂ්පාදනය කරන ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිත කිහිපයෙන් එකකට කතා කළා. එහි රූගත කිරීමකටත් සහභාගි වෙලායි මම ආවේ.

ඔය අතරේ ලංකාවේ නිර්මාණයකට දායක වෙන්න දැන් කැමැත්තක් නැද්ද?
මොකද නැත්තේ. අනිවාර්යයෙන්ම භාර ගන්නවා. මම මගේ ගමන පටන් ගත්තේ ලංකාවෙන්. මේ මගේ උපන් රට.

මොකක්ද ඔබේ හෙට දවසේ බලාපොරොත්තුව?
දැන්නම් මගේ ලොකුම බලාපොරොත්තුව හොඳින් අධ්‍යාපන කටයුතු අවසන් කරන එක.

ආදරය කියන දේ උමාලි කොහොමද දකින්නේ?
ඒක මගේ පවුලෙන් මම උපරිම අයුරින්ම ලබන දෙයක්.

ඒ ඇරෙන්න උමාලි පෙම්වතියක් නෙවෙයි
(සිනාසෙයි)
ඔහු ලංකාවේ ජනපි‍්‍රය නළුවකු කියලයි ආරංචිය?
මම ඒ ගැන පසුව කියන්නම්. ඔහු කලාවට සම්බන්ධයි. එපමණයි.
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment