Facebook

අඟහරුගේ ජීවය සොයා ’කුතුහලය’ ගොඩ බසී

ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නාසා ආයතනය නිර්මාණය කළ අති නවීන කියුරියෝසිටි (කුතුහලය)  රොබෝ යානය අද සවස අඟහරු ග්‍රහයාගේ ගේල් ආවාටය වෙත ගොඩ බැස්වීය.

කියුරියෝසිටි රෝබෝ රෝවරය කාරයක් තරම් වූ විද්‍යාගාරය අඟහරුගේ දූවිලි තට්ටුව මත පතිත කිරීමට පැරෂුට් රොකට් හා අහස් දොඹකරයක් ද යොදා ගැනිණි.
  
එබැවින් යානය ගොඩබැස්සවීමට ගතවූ ”ත‍්‍රාසජනක මිනිත්තු හත” ”ජයග‍්‍රහණයේ මිනිත්තු හත” කරගත හැකි වී යැයි නාසා ප‍්‍රධාන විද්‍යාඥ ජෝන් ග‍්‍රන්ස් පීල්ඞ් කියයි.

ඇමෙරිකාවේ ජාතික ගුවන් හා ගගන පර්යේෂණායතනයට ටොන් එකක් බරැති මෙම යානය නිම කිරීම සඳහා වැය වී ඇති මුදල අමෙරිකා ඩොලර් බිලියන 2.5 කි. එනම්, ඇමෙරිකා ඩොලර් කෝටි 250කි, (රුපියල් කෝටි 33500) කි.  

පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා ප්‍රථිවියෙන් ගමන් ආරම්භ කළ එය අඟහරු වෙත ළඟා වුයේ, කිලෝමීටර් මිලියන 570ක දුරක් ගෙවමිනි.

මේ රොබෝ රෝවරය න්‍යෂ්ටික බල ශක්තියෙන් යුක්තය. පොළොව සහ අඟහරු ග්‍රහායා අතර දුර ප්‍රමාණය කිලෝමීටර් විසි දෙකෝටි පනස් ලක්ෂයකි.

අඟහරු ලොවේ ජීවය ඇත්ද යන ප‍්‍රශ්නයට උත්තර සපයා ගැනීම මේ මෙහෙයුමේ ප‍්‍රධාන කාරියයි. අඟහරු ග්‍රහයාගේ ජීවය සොයා ගිය මෙම ගමන මානව ඉතිහාසයේ සන්ධිස්ථානයක් වනු ඇති බව නාසා විද්‍යාඥයෝ පවසති.
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment