Facebook

ෂෙරිල්, අමා නිසා දැන් ගමේ කෙල්ලෙක්‌ වෙලා

මෙයාගෙ නම නම් ෂෙරිල් රොමේන් ඩෙකර්. හැබැයි ඒ වුණාට දැන් නම් හැමෝම මෙයාට කියන්නේ අමා කියලා. ඒ වෙන හේතුවක්‌ නිසා නම් නෙමෙයි අමා නාට්‍යයේ අමාගේ චරිතය හින්දා. දැන් නම් ෂෙරිල්ව නොදන්න කෙනෙක්‌ නැහැ. ඒ තරමට ඇය ජනප්‍රියයි. අමා නිසා මේ තරම් ජනප්‍රිය වෙයි කියලා එයාවත් හිතුවේ නැතිලු.

මෙයා පුංචි කාලේ ඉඳන් හැදිලා වැඩිල තියෙන්නේ කොළඹ. ඒ හින්දා ඒ පරිසරයට තමයි වැඩිපුර හුරු. හැබැයි අමා නිසා දැන් ගමේ කෙල්ලෙක්‌ වෙලාලු. ඔය අතරේ තවත් ටෙලිනාට්‍යයකට ආරාධනාවකුත් ලැබිලා තියෙනවා කියලත් අපට ආරංචියක්‌ ලැබුණා. රොෂාන් කුරුප්පු මහත්තයා අධ්‍යක්‍ෂණය කරන මෙම නාට්‍යයේ රූගත කිරීම් මේ දිනවල සිදුකෙරෙනවා කියලත් ආරංචියි.


ෂෙරිල් රොමේන් ඩෙකර් 2006 දී ස්වාධීන රූපවාහිනිය ගෙනා අවුරුදු කුමරිය උළෙලේදී දෙවැනි තැන හිමිකර ගත්තා. ඉන්පසුව සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනට දායක වූ ඇය බෙනට් රත්නායකගේ ‘ඉරහඳ යට’ චිත‍්‍රපටය සමග සිනමා රංගනයට පිවිසියා. එතැනින් පස්සෙ තමයි ඇය ස්වාධීන රූපවාහිනිය ගෙන එන ‘අමා’ නාට්‍ය මාලාව සමග එක් වුනේ.

කොලොන්නාව ශාන්ත ජෝෂප් බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය ලබා, කුලසිරි බුදවත්ත රංගායතනයෙන් නර්තනය පිළිබඳ හදාරා ඇති ෂෙරිල්ගේ වසය අවුරුදු 22 යි. පවුලේ දෙමව්පියන්ට අමතරව එක් සහෝදරියක ඉන්නවා. කලාවට පැමිණීමට නර්තන විෂයය හේතු වූ බව තමයි ෂෙරිල් කියන්නේ.
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment