Facebook

ශබ්දයේ වේගය මෙන් 6 ගුණයක ගුවන් ගමනක්

ශබ්දයේ වේගය මෙන් හය ගුණයක වේගයෙන් ගමන් කළ හැකි හයිපර්සොනික් හෙවත් අධි ධ්වනි ජෙට් යානයක් අත්හදහා බැලීමට අමෙරිකානු විද්‍යාඥයින් සූදානම් වේ.

පැයට කිලෝමිටර් 6,900 ක පමණ වේගයක් අත්හදා බැලීම ඔවුන්ගේ අරමුණ වන අතර මෙවන් ගුවන් ගමනකදී ලන්ඩනය සහ නිව්යෝර්ක් අතර පැයක පමණ කාලයකින් පියාසර කළ හැකි වනු ඇති.

නිදර්ශකය වේව් රයිඩර් ලෙස නම් කර ඇති අතර එය හයිපර්සොනික් ජෙට් යානයක්  සෑදීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතින්ගෙන් එකක් පමණක් බව විදෙස් වාර්තා පවසයි.

විද්‍යාඥයින් පවසන්නේ, ශබ්දයේ වේගය මෙන් කිහිප ගුණයක ගුවන් ගමනක සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීම වැඩි ඈතක නොවනු ඇති බවයි.

කෙසේ වෙතත් ශබ්දයේ වේගය මෙන් දෙගුණයකින් ගමන් කළ හැකි කොන්කෝඩ් යානා වියදම අධිකවීම හේතුවෙන්  2003 වසරේදී භාවිතයෙන් ඉවත් කෙරිණ.


Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment