Facebook

දිය තලාවට ‘අයිස් වැස්සක්’

දිය තලාවට සහ බණ්ඩාරවෙලට තද අයිස් වැස්සක් ඇද හැලී තිබේ. අද (25) දවල් 12.45 ට පමණ මුලින්ම විශාල සුළඟක් හමා යන්නට පටන් ගෙන ඇත.

එම සුළඟ හේතුවෙන් දැවැන්ත ගස් ගැලවී පාරවලට වැටී ඇති අතර බණ්ඩාරවෙල පළාත පුරා විදුලිය විසංධි වී ඇත.
බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පිහිටි වාණිජ මධ්‍යස්ථානයේ වහලයෙන් භාගයක්ම මෙම සුළඟට ගැලවී ගොස් තිබේ. එහි වීදුරු ජනේල පුපුරා ගොස් තිබේ.අඟල් බාහයක් පමණ වන අයිස් වැස්ස මුළින්ම දියතලාවට වැටී තිබෙන අතර එය පැය භාගයක් පමණ පැවති බව වාර්තා වේ. ඒ තත්ත්වය නතර වෙන විට බණ්ඩාරවෙල නගරයට අයිස් වැස්ස කඩාවැටී තිබේ.

මෙම අයිස් වැස්ස එලවළු වගාවන් මතට වැටී ඒවාට හානි වී ඇතිබව දැකිය හැකිවිය.
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment