Facebook

ලාංකික තරුණ තරුණියන් සිටින අසැබි වෙබ් අඩවි 51 ක් තහනම්

ලාංකික තරුණ තරුණියන් පෙනී සිටින අසභ්‍ය වෙබ් අඩවි 51 ක් දැනට හඳුනාගෙන ඇති බව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ පොලිස් විමර්ශන ඒකකය පවසයි.

මෙම වෙබ් අඩවි 51 ශ්‍රී ලංකාවේ තහනම් කරන ලෙස ජාතික ළමා රක්ෂණ අධිකාරිය බත්තරමුල්ල පිහිටුවා ඇති විශේෂ ළමා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

කෙසේ වෙතත් ළමා රක්ෂණ අධිකාරියේ පොලිස් විමර්ශන ඒකකය විසින් කරන ලද ඉල්ලීමට අනුව විශේෂ අධිකරණය විසින් මේ පිළිබඳ විමර්ශනයක් පවත්වා තිබේ.

එම විමර්ශනයට අනුව ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ඉල්ලා ඇති බවත්, එකී උපදෙස්වලට අනුව එම වෙබ් අඩවි 51 තහනම් කරන්නේද නැද්ද යන්න පිළිබඳ එළඹෙන 31 වන දින තීන්දුව ප්‍රකාශයට පත්කරන බව දැනුම්දුන් බව ළමා රක්ෂණ අධිකාරියේ පොලිස් විමර්ශන ඒකකය සඳහන් කරයි.

මෙම ඇතැම් වෙබ් අඩවිවල පාසල් ළමුන් සිය නිල ඇඳුම් පිටින් පෙනී සිටින බවත්, ප්‍රධාන වෙබ් අඩවි 51 හැරුණු විට ඊට සබඳකම් දක්වන තවත් අසභ්‍ය වෙබ් අඩවි 1000 ක් පමණ ඇති බව ගණන් බලා ඇති බවත් එම ඒකකය වැඩිදුරටත් කියා සිටියි.
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment