Facebook

මහ සෙනගක් මැද ගාල්ලේදී කපා කොටා පුද්ගලයකු ඝාතනය කෙරේ

ගාල්ල, ඩික්සන් හන්දියේදී ජනතාව මධ්‍යයේ තියුණු ආයුධවලින් පහර දී අත් පා වෙන්කර පුද්ගලයකු ඝාතනය කර තිබේ.

එලෙස ඝාතනයට ලක්වූයේ, කුමාර සෙනෙවිරත්න නැමති 48 හැවිරිදි සිව්දරු පියෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ ඊයේ දහවල් 1.00ට පමණ එම පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පැමිණි පිරිසක් ඝාතනය සිදුකර ඇති බවය.

ඔහු ගාල්ල පිටදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරමින් සිටි බව අප වාර්තාකරු ප්‍රකාශ කළේය.

අද ඝාතනයට ලක් වු කුමාර සෙනෙවිරත්න 2009 වසරේ ගාල්ල බෙලිගහ මංසන්ධියේදී ඝාතනය කෙරුණු ගාල්ල මහනගර සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ දුසන්ත සෙනෙවිරත්න මහතාගේ වැඩිමහල් සහෝදරයාය.

සැකකරුවන් හඳුනා ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment