Facebook

ඊයේ අලුත්කඩේ උසාවිය..

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය පළකරමින් ඊයේ (08 දා) රට පුරා අධිකරණවල මහෙස්‌ත්‍රාත්වරුන් හා විනිසුරුවන් සිය රාජකාරිවලින් ඉවත්වීම නිසා අධිකරණ පද්ධතිය මුළුමනින්ම පාහේ අක්‍රිය විය.

කොළඹ අලූත්කඩේ අධිකරණ සංකීර්ණයේ මහාධිකරණ ශාලා ඊයේ (08 දා) හිස්‌ව තිබූ අයුරු හා ප්‍රහාරයට විරෝධය පළකරමින් අලූත්කඩේ අධිsකරණ සංකීරණයේ නීතිඥවරු උද්ඝෝෂණය කළ අයුරු.



රට පුරා උසාවි ඊයේ නිහඬයි 


අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධතාව දැක්‌වීම සඳහා විනිසුරුවරුන්, අධිකරණ සේවකයන් හා නීතිඥවරුන් අධිකරණ ක්‍රියාදාමයෙන් ඉවත්වීම හේතුවෙන් ඊයේ (08 දා) දිවයින පුරා සියලු අධිකරණවල කටයුතු ඇනහිටින ලදී.

විනිසුරුවරුන් අධිකරණ ක්‍රියාදාමයෙන් ඉවත්ව සිටීමට ගත් තීරණයට සහාය පළ කළ අධිකරණ සේවකයෝත් දෛනික රාජකාරිවලින් බැහැරව විරෝධතා පුවරු රැගෙන පෙළපාලියක නිරත වී අධිකරණ සංකීර්ණ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

මිනී පෙට්‌ටි, මල්වඩම් හා විරෝධතා පුවරු රැගෙන අධිකරණ අවට විරෝධතා පෙළපාලි පවත්වන්නට වූ නීතිඥවරු පසුව අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්‌වී උද්ඝෝෂණයක නිරත වූ අතර පසුව මිනී පෙට්‌ටියට ගිනි තැබූහ.

මංජුල තිලකරත්න මහතාට පහර දීමේ සිද්ධියට සම්බන්ධ නියම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක්‌ අධිකරණ කටයුතුවලින් බැහැරවීමට තීරණය කර ඇති විනිසුරුවරුන් ඒ සම්බන්ධයෙන් අද (09 දා) විශේෂ රැස්‌වීමක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විනිසුරුවරුන් අධිකරණ කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන් මහෙස්‌ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ හා මහාධිකරණයන්හි ඊයේ (08 දා) දිනට කැඳවීමට තිබූ නඩු කටයුතු ලබන 12 දා කැඳවීමට නියමිත අතර රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ට එරෙහිව පවතින නඩු හෙට (10 දා) කැඳවීමට කටයුතු යොදා ඇත.

නීතිඥවරුන් සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරයට සහාය දැක්‌වීම සඳහා දේශපාලන නියෝජිතයෝ, විවිධ වෘත්තීයවේදීන් හා නීති ශිෂ්‍යාවෝ ද එක්‌ව සිටියහ.
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment