Facebook

අධිවේගී මඟේ අධි වේගයෙන් ගිය පොලිසියේ ජීප් රිය අනතුරක

දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගයට අයත් බද්දේගම සහ පින්නදූව අතර පිහිටි 81.9 දරණ ස්‌ථානයේදී මත්පැන් පානය කළ රියදුරකු අධික වේගයෙන් ධාවනය කළ ඌරගස්‌මංහන්දිය පොලිසියට අයත් ජීප් රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන පස්‌කණ්‌ඩියක හැපී අනතුරට ලක්‌වී තිබේ.

මෙසේ අනතුරට ලක්‌වී තිබෙන්නේ ණධ - 8945 දරණ ජීප් රථයයි. ඉකුත් 22 වැනිදා සිදුවී ඇති මෙම අනතුරින් පොලිස්‌ ජීප් රථයට බරපතල හානි සිදුවී ඇත.

81.9 දරණ ස්‌ථානයේදී අනතුරට ලක්‌වූ මෙම පොලිස්‌ ජීප් රථය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා අධිවේගී මාර්ගයේ රාජකාරි කටයුතුවල නිරතවී සිටින නිලධාරීන් එම ස්‌ථානයට පැමිණි විට ඌරගස්‌මංහන්දිය පොලිසියේ නිලධාරීන් එම නිලධාරීන්ට තර්ජනය කොට ඇතැයි වාර්තාවේ.

එසේම ඌරගස්‌මංහන්දිය පොලිසියේ නිලධාරීන් අනතුරට ලක්‌වී ඇති ජීප් රථය අධිවේගී මාර්ගයෙන් ඉවතට රැගෙන ගොස්‌ තිබෙන්නේ ද කිසිදු මුදලක්‌ අධිවේගී මාර්ගයේ නිලධාරීන්ට ගෙවීමකින් තොරව බව ද පැවසේ.

අනතුර සම්බන්ධව අධිවේගී මාර්ගයේ සවිකර ඇති කැමරාවල සටහන් වී ඇත.
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment