Facebook

A true story about devil in Colombo

සැමියාගේන් හා නංගීගෙන් පළිගන්නයක්ෂ ආත්මයක් ලැබූ නයෝමි. කොළඹ අවට සිදුවූ සත්‍ය සිදුවීමකි.

ජීවිතය හරිමබ පුදුමාකාරයි. ජීවිතය හරියට ගගක් වගේ කියලා යම් කෙනෙක් අර්ථකථනය කරන්නේ  ජීවිතය දුක් කරදර බාධක, සැප සතුට, යන හැම දේම සිහිපත් කරමින්.ජීවිතයට මුහුණදෙන අප හැමෝම සියලූ බාධක, අබියෝග ජය ගැනීමටත්, සතුට දුක උපේක්ෂාවෙන් විදදරා ගැනීමටත් උත්සාහ කල යුතුයි.

විවාහය කියන්නේ ජීවිතයේ තීරණාත්මක සාධකයක්. බෝහෝ පුද්ගලයන් විවාහයෙන් පසු අලූත් ජීවිතයක් ආරම්භ කරනවා. අලූත් බලාපොරොත්තුවලින් ජීවිතය පිරී ඉතිරී ගිහින්. එහේත් බලාපොරොත්තු ඒ විදිහටම ඉටුකර ගන්න පුළුවන් වෙන්නේ කීයෙන් කීදෙනාටද? තමන්ගේ පවුලේම උදවිය තමන්ට හතුරු වන අවස්ථාන නිසා තමන්ගේ බලාපොරොත්තු සීසිකඩ විසිරෙන්න පුළුවන්. කෙනෙකුගේ පවුල් ජීවිතයට අනවශ්‍යය ලෙස බලපෑම් කරන තුන්වැනි පාර්ශ්වය නිසා සිදුවූ විපතක් ගැනයි මේ විස්තරය.


අක්කා නගෝ කුඩා කාලයේ ඉදන්ම හැමදේම කලේ එකට. නයෝමි නංගීට හරිම ආදරෙයි. කාලයත් සමග අක්කා විවාහ දිවියට එළැඹුණා. තමන්ගේ නංගිත් , අම්මාත් අමතක කළ නොහැකි නයෝමි ඔවුන් දෙදෙනාවත් තම සැමියාගේ නිවසට කැදවාගෙන ගියා. විවාහනේ වසර දෙකකට පමණ පසුත්, දරුවන් නොමැති නිසා හිටියේ තරමක් දුකෙන්. ඒත් සමගම එයටත් වඩා වේදනාබර ප්‍රශ්නයකට මුහුණදෙන්න මෙ අක්කාට සිදුවුණා. ඒ තමන්ගේ නංගී සැමියා සමග අනවශ්‍ය සම්බන්ධයක් ගොඩනාගෙන ඇති බව දැනීමෙන්. අක්කා නංගීට නිතරම අවවාද කලා. ඔයා අයියත් එක්ක වැඩිපුර කතාවට යන්න එපා. අක්කා එසේ කීවට නංගී ගානකටවත් ගත්තේ නෑ.

අනූ මම ඔයාට සැරයක් කිව්වා අයියා එක්ක කතාවට යන්න එපා කියලා. මම ඔයාගේ හොදට කියන්නේ. අක්කා දෙවැනි වතාවේ නංගීට තරමක් සැර වුණා. එහෙත් අක්කාට සැනසීමක් ඇත් වුණේ නහැ. ඇගේ අසරණකමට මවගෙන් ඉල්ලීමක් කළා.

අම්මේ අනූ දැන් කසාද බදින වයසේ නරකද කටයුත්තක් කලොත්? උඹට පිස්සුද ලොකු දුවේ තාම ඒකි පොඩි කෙල්ල. ඒකිට මොන කසාදද?

නයෝමිට අවසානයේ තම මවගෙන්ද පිහිටක් ලැබුණේ නෑ. ඇය කාලය ගත කළේ තමන්ටද ශාප කරගනිමින්. නයෝමි අනූට නිතර නිතර අවවාද කලේ නැහැ. ඒ තමන්ගේ ආදරණීය නැගණිය තමන් සමග අමනාප වේ යැයි බියෙන්. දිනක් නිදි හහනේ නැති බව නයෝමි දැන ගත්තේ අඩ නින්දෙන් වගේ. ප්‍රදීප්... ප්‍රදීප්... යනුවෙන් ඈමිමිණුවත් ප්‍රදීප්ගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

ඇය නිවසේ සෝදිසි කළා ඇගේ ඇස් අදහා ගැනීමට නොහැකි වුණා. අනේ දෙවියනේ... නයෝමි කාමරයට ගොස් දොර වසා ගත්තා. ඇයට ඕනැ වුනේ මේ දේවල් ඇසට දකින්නේ නැතිව සදහටම ඇස් දෙක පියා ගන්නනිදි පෙත් පානය කලත් ඇගේ අරමණු වෙත ළගාවීමට නොහැකි වුණා.

නයෝමි පසුදා තම මව ඉදිරියේ හඩා වැටුණත් ඇය හැසිරුණේ කිසිවක් නොදන්නා ලෙස. එදා සිට ඇය නිතරම පසුවූයේ සැමියාටත් නැගණිය අනූටත් වෛර කරමිනි. කාලය ඉගිලී ගියේ දුක් කරදර මැද්දේ. නයෝමි ප්‍රදීප් විවාහ වෙලා වසර හතරහමාරයි. එහෙත් එවුන් දරුවෝ ලැබීමට වාසනාවන්ත වුණේ නැහැ. මේ නොසනසුන තාවය මැද කල් ගෙවු නයෝමි නැවතත් විශාල ගැටළුවකට මුහුණ දුන්නා.

අනූට බඛෙක් ලැඛෙන්න, එය නයෝමිට ඇසුනේ තම මවගෙන්.. මේ වදනින් නයෝමිට තමන්ව අමතක වුණා. අනූගේ දරුවාට වගකිය යුත්තේ තම සැමියා බව නයෝමි එක ඒල්ලේම දැන ගත්තා. මේ ගැටළුවෙන් ආරම්භ වුණ අවුල ලිහුණේ නයෝමිගේ අභාවයෙන්. ඇය භූමිතෙල් දමාගෙන නිවසේ සියලූම අය ඉදිරි පිට ගිනිතබා ගත්තා. මම උඹව තියන්නේ නෑ මම මැරෙන්නේ උඹෙන් පලිය අරගෙන. දින හතරක් තිස්සේ පිලිසීමෙන් තුවාල ලැබූ නයෝමි අන්තිම හුස්ම හරිමිනුත් අනූට වෛර කරමිනි. අනුගේ දරුගැබ මොරන්නට වුණා. දැන් සෑම ප්‍රශ්ණයක්ම විසදුනා යන මතයේ ඉද ප්‍රදීප් සහ අනූ අලූත් ජීවිතයක් ආරම්භ කළා. එසේ වූවත් අනු නිතර නිතර අසනීප වුණා. අම්මේ මගේ ඇග පිච්චෙනවා වගේ මට ඉවසගෙන ඉන්න බෑ.

අනූ දිනෙන් දින රොගාතුර වුණා. දැන ඇගේ දරුගැබට මාස 8ක් පමණ. රාත්‍රියේ අනූ කෑගහන්න පටන් ගත්තා. නොයෙක් ප්‍රතිකාර කරත් සුවයක් ලැබුණේනෑ. අනුට දරුවා ලැඛෙන්න දින 4ක් තිබියදී එදින රාත්‍රී 3.00ට පමණ අනු නැගිට කෑගහන්න පටන් ගත්තා. ඇය තමන්ගේ දරු ගැබට ගහ ගත්තා. ගිහිල්ලා බලපල්ලා බත් හැළිය දිහා. මං බොරු කියනවනම් බලපන්. උඔලාගේ දරුවාව මම තියන්නේ නෑ. යනුවෙන් කෑගැහුවා. මව කුස්සියට ගොස් බලන විට එය ලෙයින් පිරී තිබුණා. මේ සියලූදේ නිවසේ අයට සිතාගත නොහැකි වුණා. පසුදා උදෙන්ම අනූ කාසල් කාන්තා රෝහලට රැගෙන ගියේ ඇය ප්‍රසූත වේදනානේ සිටි නිසයි.

එදින දරුවා ලැබීමට ඇයට හැකි වුවත්  ඒ වන විටත් දරුවා මියගොස් තබිණා. මේ සියලූදේ වටහා ගත නොහැකිව මේ තිදෙනා නොසන්සුන්කාරීව හැසිරුණා. දින තුනකට පසු අනූ නැවතත් කෑගහන්න පටන් ගත්තා. ඒ වන විට ඇයව දේවාලයකට රැගෙන යාමට ප්‍රදීප් තීරණය කළා. දේවාලයට ගියාට පසුව දැන ගැනීමට හැකිවූයේ මියගිය අක්කා අනූට ආරූඪ වන බවයි. අලූත් නුවර දැඩිමුණ්ඩ දේවාලයට රැගෙන ගිය අනූගේ ශරීරයට ඇතුළුව සිටි අදෘශ්‍යමාන බලවේගය සමග කතා කරීමට හැකි වුණා.



ඇදුරා - ඔබ කවරෙක් ද?
ආතුරයා - මම නයෝම්. ඇදුරා-ඇයි ආවේ?
ආතුරයා - පවුල් ජීවිතය විනාශ කරපු හැපින්න අරගෙන යන්න.
ඇදුරා - එහෙම කරන්න එපා ඒ ඔබේ එකම නංගීනේද?
ආතුරයා - මම මේකිව තියන්නේ නෑ. ගිනි තියනවා. මම මුන්ව මරනවා. දැඩිමුණ්ඩ මන්ත්‍රණනේ හිසකෙස් 8කින් බන්ධණය කරලා මේ අමනුෂ්‍ය බලවේගය පලවා හැරීමට දේවාලය කටයුතු කලා. ඒත් මිස 3කට පසුව දුම්රියෙන් ගමන් කරද්දී මේ තිදෙනාම සදා නින්දට වැටුණා.

මේ සිදුවීම කොළඹ අවට ප්‍රදේශයකදී මීට වසර 13කට පෙර සිදුවූ සත්‍ය සිදුවීමකි. නම් ගම් මනංකල්පිතයි.

උපුටාගැනීම - මව්බිම පුවත්පත
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment