Facebook

මසුන් වෙරළට ඇදී ආවේ ඇයි ?

මේ දිනවල මසුන් වැඩි ප්‍රමාණයක් වෙරළ සමිපයට පැමිණීමට පවතින කාලගුණික තත්ත්වය හේතුවී ඇති බව නාරා ආයතනය පවසයි.

එහි සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා පැවසුවේ, මුහු‍දු ජලයේ උෂ්ණත්වය වෙනස් වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස වර්ධනය වී ඇති ඇල්ගී විශේෂ ආහාරයට ගැනීම සඳහා මසුන් රැසක් වෙරළ සමීපයට ඇදී එන බව පරීක්ෂණවලින් හෙළි වී ඇති බවය.

ඇල්ගී වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ජලයේ ඔක්සිජන් ප්‍රමණය අඩුවීමෙන් මත්ස්‍යයින් මියයන බව ද ඔහු පෙන්වා දෙන්නේය.

නාරා ආයතනයේ සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර  මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය තවත් සති කිහිපයක් පවතිනු ඇති බවය.

Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment