Facebook

අම්මා කුණු වළට විසිකළ බිළිඳා පොලිසියෙන් සොයාගැනේ

රඹුක්‌කන, තල්දැව ප්‍රදේශයේ පදිංචි එක්‌දරු මවක විසින් පසුගිය 18 දින බිහිකළ දරුවා ගෙවත්තේ කුණු වළකට දමා තිබියදී ඊට පසු දින රඹුක්‌කන පොලිසිය විසින් සොයාගෙන ඇත.

දරුවා බිහිකළ මව අධික රුධිර වහනය නිසා 19 වැනිදා රඹුක්‌කන රෝහලට ඇතුළත් වී තිබේ. එහිදී රෝගියා පරීක්‍ෂා කළ වෛද්‍යවරයා විසින් රුධිර වහනයට හේතුව දරුවකු ප්‍රසූත කිරීම බව ප්‍රකාශ කර ඇතත් රෝගියා එය ප්‍රතික්‍ෂේප කර ඇත. මේ නිසා වෛද්‍යවරයා සිද්ධිය රඹුක්‌කන පොලිසියට දැනුම් දී ඇති අතර පොලිසිය කළ සෝදිසි කිරීමේදී කුණු වළේ සිටි පිරිමි දරුවා සොයාගෙන තිබේ.


මේ වන විට දරුවා සමග සැකකාර වැන්දඹු මව කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

රඹුක්‌කන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක චන්දන කන්දෙවත්ත මහතාගේ උපදෙස්‌ පරිදි වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment