සමන්ගේ විලාප හඬ ඇහුණයි කියලා බේරුණු ළමයෙක් කිව්වා
බෝට්‌ටුවේදී බේරුණු දරුවො දෙන්නාගෙන් එක්‌කෙනෙක් කිව්වා "සමන් මාමගෙ අතපය බැඳලා ගහන කොට විලාප තිsයනවා ඇහුණයි කියලා" බෝටුටවේ කුස්‌සිය පැත්තෙන් සමන් කෑගහලා තිබෙනවා.බුදු අම්මෝ මට ගහන්න එපා මට ගැහැනු දරුවන්ම තුන්දෙනෙක් ඉන්නවා කියලා යෑයි තංගල්ල කුඩාවැල්ල ධීවර වරායෙන් මසුන් මැරීමට මුහුදු ගිය ධීවරයන් තිදෙනකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විටත් එසේ අතුරුදන්වී ඇති මාතර පල්ලිමුල්ල තාවකාලික කුලී ගෙයක පදිංචිව සිටි පණස් දෙහැවිරිදි කොග්ගලහේවා මුනවීර තන්තිරිගේ සමන්ගේ බිරිඳ වන ඩබ්ලිව්. ශීලා රොඩ්රිගෝ මහත්මිය පැවසුවාය.
බහුදින යාත්‍රාවකින් හය දෙනකු මෙසේ මුහුදු ගොස් ඇති අතර එසේ ඈත මුහුදේ සිටියදී දස දෙනෙකුගෙන් පමණ කණ්‌ඩායමක් කුඩා බෝට්‌ටුවකින් පැමිණ එහිදී බහු දින යාත්‍රාව පැහැර ගෙන එහි සිටි ධීවරයන් දෙදෙනකුට පහරදී මුහුදට වීසි කොට ඇත. මුහුදට දමන ලද ධීවරයන් දෙදෙනා මේ වන විටත් දිවි ගලවා ගෙන ඇත. එහෙත් අනෙක් ධීවරයන් තිදෙනකු පිළිබඳව කිසිදු තොරතුරක් නැත. මේ වන විටත් පොලිසිය විසින් පරීක්‍ෂණ පවත්වා මෙම සිද්ධියට සැකකරන කුඩා බෝට්‌ටුව සහ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
අතුරුදන්වී ඇති සමන්ගේ දරුවන් පස්‌දෙනෙකුගෙන් තිදෙනකු ගැහැනු දරුවන්ය. ඔවුහු පාසල් අධ්‍යාපනය ලබති. පිරිමි දරුවන්ගෙන් එක් අයෙක් රැකියාවක් කරයි.
සමන්ගේ බිරිඳ තවදුරටත් මෙසේ පැවසුවාය. අපි මේ ගෙදර ඉන්නෙ බද්දට. මුහුදෙ ඉඳලා බේරුණු පුතාලා කියන්නෙ බැඳලා ගහලා පිහිවලින් එක්‌කෙනෙක් කපලා මුහුදට දමන කොට තව එක් අයෙක් තනිවම මැරෙනවා කියලා මුහුදට පැනලා තිබෙනවා. මගේ මහත්තයා සොයා ගන්න බැරි වුණොත් දරුපවුලම අනාථ වෙනවා.
සමන්ගේ වැඩිමහල් දියණිය වන සඳුනි පී. මුණවීර මෙසේ පැවසුවාය. තාත්තා 14 වැනිදා තමයි මුහුදු යන්න ගියේ. මුහුදු යන්න කුඩාවැල්ලට ගියේ රාත්‍රී 9.00 ට විතර. අම්මට කතා කරලා කිව්වා අපි උයලා කාලා දැන් යන්න හදනව කියලා. ඊට පස්‌සෙ තාත්ත අතුරුදන් වෙලා කියලා ආරංචි වුණේ.
අතුරුදන්වූ තිදෙනාගෙන් දෙදෙනෙක්a හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ අයයි. මේ වන විටත් විශේෂ පොලිස් කණ්‌ඩායම් කීපයක්‌ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වමින් සිටිති.

Blogger Comment
Facebook Comment