Facebook

මතින් තොර නොකළොත් මාරාන්තික උපවාසයක යෙදෙනවා

දෙසැම්බර් 31 වන දිනට පෙර කෝට්ටේ නගරය මතින් තොර කලාපයක් බවට පත් නොකළහොත් පොලීසිය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වන බව නගරාධිපති ජනක රණවක මහතා පවසයි.

තම පදවි ප‍්‍රාප්තියට වසරක් පිරීම නිමිත්තෙන් අද (22) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.

දිවිනැඟුම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් අගවිනිසුරු ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලිණි.

අදාළ පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් කිහිපයක් ඉදිරිපත්ව තිබිණි.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැනට ක‍්‍රියාත්මක නොවන පළාත් සභාවක අනුමැතිය අවශ්‍ය නොවන බව එහිදී අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා ඇත්තේ අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම පමණක් බව නීතීඥ එස්.එල්.ගුණසේකර මහතා විනිසුරු මඩුල්ල හමුවේ පෙන්වා දුන්නේය.

මහජනතාවගේ මුදල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් පනත් කෙටුම්පතින් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව නීතීඥ සේනානි දයාරත්න මහතා පැවසීය.

පෙත්සම් විභාගය හෙට (23) දිනයේ ද සිදුකිරීමට නියමිතය.
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment