වෙළෙඳපොලේ මාළු මිල ගණන් සියයට 30 කින් පමණ පහළ ගොස් ඇතැයි ලංකා ධීවර සංස්ථාව පැවසීය.
එහි සභාපති මහීල් සේනාරත්න මහතා සඳහන් කළේ, නැගෙනහිර හා දකුණු පළාතෙන් ලැබෙන මාළු අස්වැන්න විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ය.
පසුගිය සති දෙකක කාලය තුල ධිවර සංස්ථාව මගින් මාළු මෙට්‍රික් ටොන් 140ක් මිලදී ගත් බව, ඔහු ප්‍රකාශ කළේය.
මාළු මිල ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සදහා ධීවරයින්ගෙන් මාළු අස්වැන්න මිලදී ගැනීම ඉහළ නංවා ඇතැයිද මහීල් සේනාරත්න මහතා පැවසීය.

Blogger Comment
Facebook Comment