ආණමඩුව උණලීය ප්‍රදේශයේදි 18 හැවිරිදි එක් දරු මවක මුගුරකින් පහරදී ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ, ඇය සේවය නිමවා යළි නිවස බලා එමින් සිටියදී ඊයේ රාත්‍රී මෙම ඝාතනය සිදුව ඇති බවයි.
සැමියා සමග අමනාප වී අදාළ කාන්තාව සිය මවගේ නිවසේ වාසය කර ඇති අතර යළි තම නිවසට පැමිණෙන ලෙස කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සැමියා විසින් මෙම ඝාතනය සිදුකරනු ලැබ පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Blogger Comment
Facebook Comment