කැස්ස සඳහා භාවිතා කරන කොරෙක්ස් ඩී නැමැති සිරප් වර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කොට තිබේ.
ඒ අනුව කොරෙක්ස් වෙළද නාමය සහිතව කැස්සට ලබා දෙන සියලුම සිරප් වර්ග දිවයින පුරා භාවිතය හා අලෙවිය තහනම් කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
මෙ සිරප් වර්ගය නීති විරෝධී ලෙස වෛද්‍ය නිර්දේශවලින් තොරව භාවිතයට ගැනීම නිසා මේ වන විට සති දෙකක් වැනි කාලයක් තුළ පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ වන විටත් මෙම සිරප් වර්ගය අධික ලෙස පානය කිරීම සඳහා රෝගාතුර වූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවද සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියි.
මෙම සිරප් වර්ගය වෛද්‍ය නිර්දේශ නොමැතිව ඇතැම් පෞද්ගලික ඔසුසැල් වලින් නිකුත් කරනු ලබන බව ද එම අමාත්‍යංශය පෙන්වාදෙයි.
එබැවින් මෙම සිරප් වර්ගය අධි මාත්‍රාව වශයෙන් මත්වීම සඳහා භාවිතා කිරීම නිසා මෙම මරණ සිදු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියි.

Blogger Comment
Facebook Comment