Facebook

20 / 20 පැරදුණු සොවින් තරුණයෙක් එල්ලී මිය යයි

ඊයේ අවසන් වූ 20 / 20 ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය දරාගත නොහැකිව හැටන් කුඩා ඔය ප්‍රදේශයේ විසිහය හැවිරිදි අවිවාහක තරුණයෙක් එදින (07) රාත්‍රී සිය නිවසේ දී ගෙළ වැළලාගෙන මිය ගොස් ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ හැටන්, කුඩා ඔය වත්තේ පදිංචි අයෙකි. මෙම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් කුඩා ඔය තේ වත්තේ පදිංචි කරුවන් කියා සිටියේ, මොහු දැඩි ක්‍රිකට් ලොලියෙක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැඩි ලෙස ගෞරවයක් හා ආදරයක් දැක් වූ අයෙක් බවත්ය.

මිය ගිය අයගේ මරණ පරීක්ෂණ සිද්ධිය වූ ස්ථානයේ දී පසුවදා (08) පෙරවරුවේ හැටන් පොලිස් කොට්ඨාශයේ හදිසි මරණ පරීක්ෂක ඒ.ජේ.එම්. ෆසීර් මහතා විසින් පැවැත්විය. මෙහිදී මිය ගිය තරුණයාගෙ වැඩිමහල් සොහොයුරිය ද සාක්‍ෂි දුන්නාය.
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment