සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද (09 වැනිදා) යළිත් දිවුරුම් දීමට නියමිතය.මාලනී ෆොන්සේකා මහත්මිය එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පත්වූ අතර ඇය පසුගියදා හදිසියේම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වූයේය.
එහෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ ඉල්ලා අස්‌වීම පිළිනොගත් නමුත් පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත මන්ත්‍රීවරිය අදාළ ඉල්ලා අස්‌වීම දැනුම්දීම නිසා ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි විය. මේ හේතුවෙන් ඇයට යළිත් මෙලෙස දිවුරුම් දීමට සිදුවිය.
Blogger Comment
Facebook Comment