අද (09) අළුයම් කාලයේ රාගම, සොයිසා ප්‍රදේශයේ මාර්ගයක පුළුස්සා දමා තිබූ මළ සිරුරක් පළාත්වාසීන්ගෙන් ලද තොරතුරක් අනුව රාගම පොලිසිය විසින් සොයා ගෙන ඇත.
මෙම සිරුර කෑලිවලට කපා තිබිණ. රාගම ප්‍රදේශයෙන් පිටත තැනකදී මෙම බිහිසුණු ඝාතනය සිදුකොට මළ සිරුරේ කොටස් මෙම ස්ථානයට ගෙනෙන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
සිරුරු කොටස් සම්පූර්ණයෙන්ම පිළිස්සී ගොස් ඇති බැවින් එය කාන්තාවකගේද නැත්නම් පිරිමියෙකුගේ ද යන්න සොයාගත හැක්කේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් පමණක් බව පොලිසිය පවසයි.
ඊයේ (08) රාත්‍රියේ රාගම පළාතට තරමක තද වැස්සක් පැවැති අතර එම වැස්සට පෙර මෙම සිරුර එම ස්ථානයට ගෙනැවිත් පුළුස්සා දමන්නට ඇතැයි විශ්වාස කෙරේ.
පිළිස්සී ගිය සිරුර අසල ගිනි පෙට්ටියක්, ගිනිකූරු සහ පිළිස්සී ගිය ඇඳුම් කෑලි කොටස් කිහිපයක්ද තිබී ඇත. සම්පූර්ණ සිරුරක් වෙන්වන ලෙස කෑලිවලට කපා ගෙනැවිත් පුළුස්සා ඇතැයි රාගම පොලිසිය කියයි.
Home
Body burn
Breaking News
News
Sinhala
SriLankan Murder
බිහිසුණු ලෙස ඝාතනය කර පිළිස්සූ සිරුරක කොටස් රාගම
Blogger Comment
Facebook Comment