රාගම තේ වත්ත පාර ප්‍රදේශයේ සිදුවු පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.අදාළ පුද්ගලයාගේ මළ සිරුර රාගම තේ වත්ත පාර ප්‍රදේශයේ තිබී සොයාගත් බව පොලීසිය පවසයි.
මෙම පුද්ගලයාගේ අත් පා බැඳ කපා කොටා පුළුස්සා අදාළ ඝාතනය සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වු බව පොලීසිය පවසයි.
අදාළ පුද්ගලයා අතුරුදන් වී ඇති බවට කඩවත පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේ දී ඔහුගේ මළ සිරුර පසුව සොයාගෙන ඇති බව සඳහන්ය.
ඝාතනයට ලක්වු පුද්ගලයාගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් ඔස්සේ සිදුකළ පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම ඝාතනය ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු විසින් සිදුකර ඇති බවයි.
Blogger Comment
Facebook Comment