නෝර්වේ හිටපු ඇමති මෙන්ම එවක ශ‍්‍රී ලංකාවේ විශේෂ සාම නියෝජිත ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් බී.බී.සී. ලෝක සේවය සමඟ විශේෂ සාකච්ජාවකට එක්ව තිබෙන අතර ලංකාවේ මානුෂීය මෙහෙයුම වකවානුවේ එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් පිළිබඳව අදහස් දක්වා තිබේ.එල්.ටී.ටී.ඊ. හිටපු නායකත්වය පොදු සමාවක් සඳහා එකඟ කර ගන්නට තමන් උත්සාහ කළ බව පවසන ඔහු එම ඉල්ලීම එල්.ටී.ටී.ඊ. නායකයා ප‍්‍රතික්ෂේප කළ බවද එම සාකච්ජාවේ දී පැවසීය.
එම අනුවනකම නිසා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ ජීවිත හානියට එම සංවිධානයම වගකිවයුතු බව පවසන එරික් සෝල්හයිම් මානුෂීය මෙහෙයුම අවසන් අදියර නියතවම රජයේ හමුදා ජයගන්නා බව පැහැදිළිව තිබූ බවද පවසා තිබේ
Blogger Comment
Facebook Comment