ඊයේ (11) සවස කාන්තාවක් ලෝකාන්තයෙන් පැන සියදිවි නසාගෙන තිබේ. මෙම කාන්තාවගේ මළ සිරුර තවමත් සොයාගෙන නැත.ඇයගේ මළ සිරුර සොයා ගැනීම සඳහා පොලීසි කිහිපයක් අද උදේ සිට ඒකාබද්ධව පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.
ඊයේ සවස ලෝකාන්තය නරඹමින් සිටි අයගෙන් ලද හෝඩුවාවක් අනුව මෙම සියදිවි නසාගැනීම පිළිබඳ තොරතුරු පොලීසියට වාර්තා වී තිබේ.
ඊයේ (11) පස්වරු 1.30 ට පමණ මෙලෙස ලෝකාන්තයෙන් පැන ඇත්තේ 70 වියේ පසුවූ පී.නානායක්කාර නැමැති කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අදාළ කාන්තාව බලංගොඩ ප්‍රදේශයේ කරිවිත්ත හෝ නාන්පේරිය ගම්මාන දෙසට වැටෙන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
එම කාන්තාව නිවැසියන් සමග අමනාප වී ලෝකාන්තය නැරඹීමට තනිව පැමිණ මෙම අනතුර සිදු කර ගෙන ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.
නානුඔය සහ බලංගොඩ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Blogger Comment
Facebook Comment