ලාබාල පෙම්වතා නාගොඩ රෝහලේ
ලාබාල පෙම් යුවළක් ඊයේ (11) මග්ගොන,දියලගොඩ ප්‍රදේශයේ දී මුහුදට පැන ඇතැයි සැක කරන අතර ඉන් 13 හැවිරිදි පෙම්වතිය මියගොස් ඇතැයි කළුතර රෝහල් පොලිසිය කියයි.මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන නිර්මල වත්තේ පදිංචි වී සිටි ඇල්පිටිය ආචාරිලාගේ දිල්කි ජීවන්ති නම් දැරියකි.
මුහුදට පැනීමෙන් පසු අවට පිරිස් එකතු වී මේ දෙදෙනා ගොඩට ගෙන කළුතර මහ රෝහල වෙත ගෙන ගොස් ඇති අතර එහි දී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පෙම්වතිය මියගොස් ඇත. ලාබාල පෙම්වතා මේ වනවිට කළුතර නාගොඩ මහා රෝහලේ ප්‍රතාකිර ලබයි.
Blogger Comment
Facebook Comment