බිරිඳ හා අනියම් ඇසුරක් පැවැත්වූ අයෙකු ඊයේ (22) දා සවස පිහියෙන් ඇන මරා දමා තමාද වස පානය කර උකුවෙල, උඩුපිටිය ප්‍රදේශයේ සිව් දරු පියෙකු සිය දිවි නසාගෙන ඇත.
උඩුපිටිය මීගහකොටුවේ පදිංචි (53) අවිවාහකයෙකු මෙලෙස පිහියෙන් ඇන මරා දමා තිබූ අතර ඔහුගේ නිවසටම පැමිණ මෙම මිනිමැරුම කළ බව මූලික පොලිස් පරික්ෂණයේ දී අනාවරණය වී තිබේ.
බිරිඳ හා අනියම් ඇසුර පැවැත්වූ අයට පිහියෙන් ඇන මරා දමා වස පානය කර සියදිවි හානිකර ගත් සැකකරු නාතැන්නේ පදිංචි (51) අයෙකු බව පොලිසිය කියයි.

Blogger Comment
Facebook Comment