ඊයේ (23) පස්වරු ගොඩකවෙල නගර මධ්‍යයේ දී තරුණයෙක් තවත් තරුණයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර තිබේ. සිදුවීමෙන් මිය ගොස් ඇත්තේ ගොඩකවෙල බලවින්නේ පදිංචි එම්. එම්. සාගර (21) තරුණයෙකි.තරුණයින් දෙදෙනා අතර ගැටුමට හේතුව ප්‍රේම සම්බන්ධයක් පිළිබඳව ඇතිවූ බහින් බස් වීමකි. එය පසුව පිහි ඇනුමක් දක්වා දුර දිග ගොස් ඇති අතර අද පස්වරුවේ ගොඩකවෙල සති පොළ අසලදී මේ සිදුවීම සිදුවී තිබේ.
පිහි ඇනුමෙන් තුවාල ලද තරුණයා ගොඩකවෙල රෝහලටත් පසුව රත්නපුර මහරෝහලටත් ඇතුල් කිරීමෙන් පසු මියගොස් තිබේ. ගොඩකවෙල පොලිසිය පරික්ෂණ පවත්වයි.
Blogger Comment
Facebook Comment