Facebook

මිලියන 500ක් වන්දි ඉල්ලා රන්ජන් නඩු මගට

ජනප්‍රිය රංගන ශිල්පී,එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් රුපියල් කෝටි 500ක් වන්දි ඉල්ලා මහනුවර ප්‍රදේශයේ ගුරුවරියකට එරෙහිව පැවරූ නඩුව (22)මහනුවර දිස්ත්‍රික් උසාවියේදී විභාගයට ගනු ලැබීය.

රන්ජන් රාමනායක විසින් තමන්ව විවාහ කරගන්නා බව කියමින් තමන්ව රැවටූ බව පවසා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පාසලක ගුරුවරියක වන අශෝකමාලා උදයන්ගනී ගුණවර්ධන විසින් මීට පෙර රන්ජන් රාමනායකට එරෙහිව ප්‍රකාශ නිකුත් කොට තිබු අතර පොලිසියේ පැමිණිල්ලක්ද දමා තිබුණි.

ඒ අනුව මහනුවරින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගනු ලැබූ අතර සති 3ක කාලයක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකොට තබන ලෙස උසාවිය නියෝග කරනු ලැබීය.

පසුව ඔහු ඇපමත නිදහස් වූ අතර අනතුරුව ඔහු විසින් මහනුවර දිසා විනිසුරු උපාලී ගුණවර්ධන මහතා මාර්ගයෙන් මෙම වන්දි නඩුව පවරා තිබේ.

සිය දේශපාලන හා කලා ජීවිතයට අපකීර්තියක් ඇති කිරීම උදෙසා මෙම කාන්තාව කටයුතු කළ බව පවසන ඔහු තමන්ට සිදුවූ අපහාසයට හා කැළලට රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලමින් මෙම නඩුව පවරා තිබේ. අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය මගින් නිකුත් කොට සිය චරිතය ඝාතනය කිරීම හා රිමාන්ඩ් බන්දනාගාර ගතකොට හිංසනය සිදුකරවීමද හේතුවෙන් මෙම වන්දි නඩුව පවරන බව රන්ජන් රාමනායක මහතා පවසයි.

ඒ අනුව මෙ පිළිබද වැඩිදුර විභාගය 2013 පෙබරවාරි 15 දිනට කල් තැබීය.
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment