Facebook

කොමිස්‌ ජාවාරමක්‌ නිසා සපුගස්‌කන්ද වැසීමට සිදු වුණා

බොර තෙල් ආනයනය පෞද්ගලික අංශයට ලබාදී කොමිස්‌ ලබා ගැනීමේ ජාවාරමක ප්‍රතිඵලයක්‌ ලෙස සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුව ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා "දිවයින"ට පැවසීය.

සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවන බවට තමන් මීට මාසයකට පෙර ආණ්‌ඩුව දැනුවත් කළ බවත්, වගකිව යුතු ඇමැතිවරයා එය ප්‍රතික්‍ෂේප කළ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

තෙල් පිරිපහදුව වසර දෙකකට වරක්‌වත් නඩත්තු කළ යුතු බවත්, ආණ්‌ඩුවට ඒ සඳහා වුවමනාවක්‌ නොතිබුණු බවත් විජිත හේරත් මහතා සඳහන් කළේය.

වසර ගණනක්‌ සේවකයන් විසින් ආරක්‍ෂා කළ තෙල් පිරිපහදුව වසා දැමීමෙන් රුපියල් කෝටි ගණනක්‌ රටට අහිමි වන බවත් කී විජිත හේරත් මහතා එහි අලාභය ද රටේ ජනතාවට ගෙවීමට සිදුවන බවත් කීවේය.

Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment