දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ව්‍යාජ ලෙස සකස් කරන ලද රන් මාලයක් උකස් කිරීමට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් ටෙලිනාට්‍ය නිළිය මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් රුවන් පතිරණ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 16 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.මෙසේ රක්‌ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කොටිකාවත්ත පදිංචි සුමිත්‍රා ස්‌වර්ණා රත්නායක නමැත්තියකි.
මෙම ටෙලිනාට්‍ය නිළිය සම්බන්ධයෙන් දිවුලපිටිය රාජ්‍ය බැංකුව කළ දැනුම් දීමකට අනුව පසුගිය 04 වැනිදා දහවල් දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම නිළිය ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයකම සුළු චරිත නිරූපණය කර ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.
මෙම නිළිය ඇතුළු කණ්‌ඩායමක් ව්‍යාජ රන් භාණ්‌ඩ නිෂ්පාදනය කොට රට පුරා බැංකුවලට උකස් කිරීමේ ජාවාරමක නිරතව සිට ඇතැයි සිදුකරන ලද පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
එසේ රන් භාණ්‌ඩ උකස් කිරීමට නිළියගේ මුහුණ යොදා ව්‍යාජ නම් සහ ලිපිනයන් සහිතව සකස් කර ඇති ව්‍යාජ ජාතික හැඳුනුම්පත් හතරක් ද සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.
සංවිධානාත්මකව කෙරෙන මෙම ජාවාරමේ මහ මොළකරුවන් කොටුකර ගැනීමට මේ වන විට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා ඇත.
Blogger Comment
Facebook Comment