කහවත්ත, කෙටකෙතන, වරාපිටිය ප්‍රදේශයේ නිවසක ඉකුත් දා සාහසික ලෙස ඝාතනය කර තිබූ යූ.බී. චන්ද්‍රාවති (66) මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (03) සවස සිදුවෙමින් තිබියදී 4000 කට ආසන්න ජනතාවක් මෙම ඝාතන රැල්ලට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක යෙදුනහ.
චන්ද්‍රාවති මහත්මියගේ දේහය සුසාන භූමිය කරා රැගෙන යද්දී මුලින් කාන්තාවන් පිරිසක් මෙම ඝාතන රැල්ලට එරෙහිව සටන් පාඨ කියමින් කහවත්ත කොට කෙතන මන්සන්දිය දෙසට පැමිණෙන්නට වූහ.
සුළු මොහොතකින් එම උද්ඝෝෂණයට කොටකෙතන, වරාපිටිය, ප්‍රදේශවල ගැහැණු පිරිමි විශාල වශයෙන් සම්බන්ධවන්නට පටන් ගත් අතර සමහරු එක දිගට රතිඤ්ඤා පත්තු කරමින්ද ටයර් පුළුස්සමින්ද පළාතේ දේශපාලනඥයන්ට විරුද්ධව දැඩි විරෝධතා ව්‍යාපාරයක යෙදෙන්නට වූහ.
ජනතාව උද්ඝෝෂණය කරන්නට වූයේ පළාතේ සමහර දේශපාලනඥයන් මෙම ඝාතනයට වගකිව යුතු බවකි. මෙම ඝාතනයට සම්බන්ධ මිනීමරුවන් පළාතේ සමහර දේශපාලනඥයන්ගේ රැකවරණ මත සැඟවී සිටින බවට ජනතාව මෙහිදී චෝදනා කළහ.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් රත්නපුර කොළඹ මාර්ගයේ කොටකෙතන මංසන්දියේ වාහන තදබදයක්ද හටගත්තේය. කහවත්ත පොලීසිය, පොලිස් විශේෂ කාර්්‍යය බලකාය ඇතුළු ආරකෂක අංශ නිලධාරීන් විශාල පිරිසක් මෙම තත්ත්වය පාලනය කරන්නටත් ගිනි තැබූ ටයර් නිවා දමන්නටත් වාහන හසුරුවන්නටත් පියවර ගෙන සිටිනු දක්නට ලැබිණ.

Blogger Comment
Facebook Comment