Facebook

“කොට කොට යන” බස්වලට එරෙහිව පියවර

නියමිත නැවතුම් ‍පොළවලට පිටින් මගීන් බස් රථවලට නංවාගැනීමට සහ බැසීමට සලස්වන දුරගමන් සේවා බස් රථ නීතියේ රැහැනට හසුකර ගැනීමට ‍පොලීසිය  තීරණය කර ඇත.

දුර ගමන් සේවා බස් රථවලට නතර කළ හැකි නැවතුම් ‍පොළවල් බලපත්‍රයේ පැහැදිලිවම සටහන්ව ඇති බවත්, ඒ ස්ථානවලට පිටින් නතර කරන බස් රථ නීතියේ රැහැනට හසුකර ගන්නට කටයුතු කරන බවත් බස්නාහිර පළාත් රථවාහන අංශය භාර නියෝජ්‍ය ‍පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පවසා ඇත.

ඒ සමගම මහ මඟ කල්මරමින් තැන තැන නතර කර සිටින මගී බස් රථවලට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට රථවාහන ‍පොලීසියේ අවධානය යොමු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් වූ නියෝග ළඟදීම බස්නාහිර පළාතේ සියලුම ‍පොලීසිවල රථවාහන අංශ නිලධාරීන් වෙත යොමු කිරීමට නියමිතව ඇත.විනාඩි 10කින් යන්න පුළුවන් ගමනට ඇතැම් මගී බස් රථ තැන තැන නතර කරමින් ධාවනය කිරීමෙන් පැයක් පමණ යනවා. මේ තුළින් මගී ජනතාවට පීඩා සිදු වෙනවා. බස් ධාවන බලපත්‍රයේ ගමන් වාරයන් අවසන් කළ යුතු කාලයක් තිබෙනවා, යැයි රථ වාහන අංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

“කොට කොට යන” බස් රථ සම්බන්ධයෙන් තොරතුරු 011-2433333 හෝ 119 යන දුරකථන අංකවලට ලබාදීමට මගීන්ට හැකි බවද නියෝජ්‍ය ‍පොලිස්පති අමරසිරි සේනාරත්න සඳහන් කළේය.
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment