Facebook

ගාල්ල, ඇතිලිගොඩට විශේෂ ආරක්ෂාවක්





ගාල්ල, පෝද්දල දී ඝාතනයට ලක්වු පුද්ගලයින් සිව් දෙනාගේ අවසන් කටයුතු සිදුකෙරෙන අද (06) දිනයේ ගාල්ල, ඇතිලිගොඩ ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.

ඒ අනුව ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

පසුගිය 04 වැනිදා ගාල්ල, පෝද්දල, බලගොඩ ප්‍රදේශයේ අත්පා ගැට ගසා ඝාතනය කර තිබු තරුණයන් සිව් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගනු ලැබීය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ පොලීසිය සැකකරුවන් හතරදෙනෙක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඊයේ දිනයේ දී බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

එහිදී සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය අවසර ලබාදිණි.

Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment