විනිසුරුවෝ චෝදනා ඉවත දමා තිබුනද, මුදලට තරග පාවාදීමේ චෝදනාවට ලක්ව සිටින ක්‍රිකට් විනිසුරුවන් 6 දෙනාට දේශීය හා අන්තර්ජාතික වශයෙන් තාවකාලික තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මීට ටික වේලාවකට පෙර නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, චෝදනාවන්ට අදාළ පරීක්ෂණ අවසන්වන තුරු මෙම තහනම බලපැවැත්වෙන බවයි.
ශ්‍රී ලංකාවේ විනිසුරුවන් තිදෙනකු ඇතුළු විනිසුරුවන් 6 දෙනෙකුට SLPL හා BPL හා පාකිස්ථාන පන්දුවාර 20- 20යන ක්‍රිකට් තරගාවලියන්හිදී තරග පාවාදුන් බවට චෝදනා එල්ල විය.
මෙම චෝදනා මුලින්ම අනාවරණ කරනු ලැබුවේ ඉන්දියා ටී වී නම් රූපවාහිනි නාලිකාවයි.
Blogger Comment
Facebook Comment