කොළඹ සිට හැටන් බලා ඊයේ (21 දා) පස්‌වරුවේ ධාවනය වූ ලංගම බස් රථයක් වටවල රොසැල්ල ප්‍රදේශයේදී අඩි හතළිහක් පමණ වූ ප්‍රපාතයකට පෙරළී යැමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දොළොස්‌දෙනකු තුවාල ලබා වටවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ඊයේ (21 දා) පත්‍රය මුද්‍රණයට යන අවස්‌ථාව වන විටත් අනතුරින් තුවාල ලබා සිටින රෝගීන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකව තිබිණි.
රෝහල්ගත කළ අය අතරින් තිදෙනකුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔවුන් නාවලපිටිය රෝහලට මාරු කර යෑවීමට පියවර ගෙන තිබුණු අතර වටවල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි.

Blogger Comment
Facebook Comment