Facebook

ශ්‍රී ලංකාවට ජය ගෙනා - මධූෂාට අපේ සුභ පැතුම්

අන්තර්ජාතික රූ රැජින තරගයෙන් මධූෂා මායාදුන්නේ තෙවැනි තැනට

ජපානයේ ඔකිනාවාහිදී පැවැති 2012 - අන්තර්ජාතික රූ රැජින තරගයෙන් ශ්‍රී ලංකාවේ මධූෂා මායාදුන්නේ මෙනවිය තෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත.

ලෝකයේ සෑම රටකින්ම 52 වැනි ජාත්‍යන්තර රූ රැජින තරඟය සඳහා තරුණියන් ඉදිරිපත්වූ අතර ඊයේ (21) පැවැති අවසන් තරගය සඳහා ඉදිරිපත්වූ තරඟකාරියන් 68 දෙනෙකු අතුරින් ශ්‍රී ලංකාවේ මධූෂා මායාදුන්නේ ‍තෙවැනි ස්ථානය හිමිකරගෙන තිබෙන අතරඑහි පළමු ස්ථානය ජපානයේ ඉකුමි යොෂිමට්ෂු විසින් හිමිකරගෙන තිබේ.

මේ තරඟාවලියේ දෙවැනි ස්ථානය ෆින්ලන්තයේ විවි සුමිනෙන්ටද සිවුවැනි ස්ථානය ඩොමීනියන් රාජ්‍යයේ ටෙලෝඩියා මීර්විසින්ද හිමිකරගෙන ඇත.


1960 වසරේදී ආරම්භ කළ ජාත්‍යන්තර රූ රැජින තරගවලිය මේ දක්වා වාර්ෂිකව පවත්වන අතර හොඳම මිත්‍රශීලි තරගකාරිය, හොඳම ඉදිරිපත් කිරීම, හොඳම ජාතික ඇඳුම මෙන්ම හොඳම ඡායාරූපයට පෙනී සිටීම ආදිය වෙනුවෙන්ද මෙහිදී සම්මාන හිමිවිය.

මධූෂා මායාදුන්නේ මෙනවිය ඉන්දියාව, අමෙරිකාව, එංගලන්තය රටවලින් අධ්‍යාපනය ලබා තිබෙන අතර ඇය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ දියණියකි.

Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment