Facebook

බොලිවුඩ් සිනමාවේ අසහය චරිතයක් නික්ම යයි

බොලිවුඩ් සිනමාවේ අසහය චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ද වන යාෂ් චොප්රා මහතා ඩෙංගු උණ වැළදීම හේතුවෙන් අද (21) අභාවප‍්‍රාප්ත වී තිබේ.

ඉන්දියාවේ, මුම්බායි හි පිහිටි පෞද්ගලික රෝහලකදී ඒ මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

1932 සැප්තැම්බර් 27වැනිදා උපත ලබා ඇති යාෂ් චොප්රා මහතාගේ මියයන විට වයස අවුරුදු 80කි.

දිල්තො පාගල් හේ, වීර් සාරා, සිල්සිලා, කබී කබී, චන්ද්නි, ලම්හේ, ඔහු විසින් නිෂ්පාදනය කර ඇති ප්‍රේමාන්විත චිත්‍රපට කිහිපයක් වේ.

චිත්‍රපට අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය වෙනුවෙන් ඔහු සම්මාන රැසකින් පිදුම් ලබා ඇති පුද්ගලයෙකු බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment