- ඇමැති මෛත්‍රිපාල සිරිසේන
පොළොන්නරුව වනජීවී කාර්යාල නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට අදාළව තම සහෝදරයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙස අදාළ ආරක්‍ෂක අංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේ තමා බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.ඇමැතිවරයා එසේ පැවසුවේ ඊයේ (19 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්‌ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.
තමා උපදෙස් නොදුන්නා නම් අදටත් සිය සහෝදරයා අත්අඩංගුවට නොගෙන සිටීමට ඉඩ තිබූ බවද මෙහිදී ඇමැතිවරයා කීවේය. ඕනෑම පවුලක හොඳ මිනිසුන් මෙන්ම නරක පුද්ගලයන් ද සිටිය හැකි බව පැවසූ ඇමැතිවරයා ලෝකයේ බලවත් පුද්ගලයකු වන ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ සහෝදරයකු දුගී පැලක අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ජීවිතයක් ගත කරන බව ද සඳහන් කළේය.
Blogger Comment
Facebook Comment