මොනරාගල නගරයේ මහානාම පාරේ පුද්ගලික නිවාඩු නිකේතනයකදී
පහළොස් හැවිරිදි දැරියක් ඉකුත් 18 වැනිදා සවස දෙදරු
පියකු විසින් අතවරයට ලක්‌කර තිබේ.පොලිසියට ලද තොරතුරක් මත නිවාඩු නිකේතනය පරීක්‍ෂා කිරීමේදී අතවරයට ලක් වූ බාලවයස්‌කාර තරුණිය සහ දෙදරු පියා අත්අඩංගුවට ගෙන තිබේ.
අතවරයට පත් වූ තරුණිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා මොනරාගල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු ඊයේ (19 දා) මොනරාගල මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අදාළ නිවාඩු නිකේතනයේ හිමිකරුට ද එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇත.
Blogger Comment
Facebook Comment