Facebook

පසුම්බිවල සල්ලි පිරිලා තිබුණට වැඩක් නෑ

රටේ ආර්ථිකය දියුණු බව මැනීමට, ජනතාවගේ පසුම්බි මුදල් වලින් පිරීම ‍හෝ බැංකු ගිණුම් තරවීම හේතු නොවන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රණාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

දිවි නැඟුම වැඩ සටහන යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව කටුනායක ප්‍රදේශයේ පවුල් සඳහා එළවළු පැල බෙදා දීමේ උත්සවයක දී ඇය එසේ කීය. කටුනායක සමෘර්ධි බැංකු පරිශ්‍රයේදී මෙම උත්සවය පසුගිය දා පැවැත්විණි.


ජනතාවගේ ජීවන මට්ටම වෙනස් වී කලින් සිටි තැනට වඩා උසස් ජීවන මට්ටමකට පත්වීමත් ආර්ථිකයේ සුවිශේෂී දියුණුවක් බව පැවසූ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය දිවි නැගුම යනු ජීවිතය තිබෙන තැනින් නගා සිටුවන ජනතාවට ආර්ථික ශක්තිය ලබාදෙන ක්‍රමවේදයක් බවද පැවසුවාය.
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment