Facebook

මඟියා බස් මුදලාලි වුන හැටි

ආගම දහමට ලැදි මෙම තරුණයා රැකියාව කළේ කොළඹය. ඔහු දිනක් බාරයක් ඔප්පු කිරීමට දුර බැහැර ප‍්‍රදේශයකට ගියේය. දින දෙකක් එහි ගතකළ ඔහු ආපසු පැමිණීමට පෞද්ගලික බසයකට ගොඩවිය. ටිකට් පත ලබාගැනීමට මුදල් පසුම්බිය ගත්විට එහි තිබුණේ රුපියල් පනහක් පමණි. ඇඳුම් බෑගය ද රැගෙන බසයෙන් බැසගත් ඔහු රියැදුරු මහතාට කතාකොට ”අයියේ මට කොළඹ යන්න  ඕනේ.

අතේ තියෙන්නේ රුපියල් පනහයි. පර්ස් එකේ තිබුණු පන්සීය වැටිලා. අයියාට මම සල්ලි කොළඹ දී දෙන්නම්” යැයි අහිංසකව පැවසීය. තරුණයාගේ මුහුණ බැලූ රියැදුරාට ඔහු කීවේ සත්‍ය බව වැටහුණි.

”කමක් නැහැ. සල්ලි  ඕනේ නැහැ. අපිත් එක්ක යමු”යි පවසමින් තරුණයාව ඉදිරිපස අසුනක වාඩි කරවීය. පැය කිහිපයකින් බසය දිවා ආහාරය සඳහා සුපුරුදු හෝටලය ඉදිරිපිට නැවැත්වීය. ”යමු මල්ලි මොනාහරි කමු” යැයි රියැදුරු මහතා තරුණයාට ආරාධනය කළත්, ” ඕන් නැහැ අයියේ බඩගිනි නැහැ” තරුණයා පැවසීය. ”පිස්සු ද මල්ලි වියදම කඩෙන්” යැයි පැවසූ රියදුරා, තරුණයා සහ කොන්දොස්තර සමග හෝටලයේ විශේෂ කාමරයකට ඇතුළු විය. එතැන සිටි පුද්ගලයකු ඇමතූ රියදුරු මහතා, ”අද අපේ බස් එක අයිති මහත්තයත් ආවා”යැයි ගජබින්නයක් ඇදබෑවේය. ”එන්න සර්” යැයි තරුණයාට ගෞරවයෙන් පැවසූ පුද්ගලයා නොයෙක් වර්ගයේ ආහාර පාන මේසය මත තැබීය.

බසය කොළඹට ළඟා වූ අතර රියැදුරු මහතා ඇමතූ තරුණයා, ”අයියාට බොහොම ස්තුතියි, විනාඩියක් ඉන්න බස් ගාස්තුව ගෙනත් දෙනකන්”යැයි කීය. එවිට රියදුරු මහතා ”මේවාත් උදව් ද මල්ලී, සල්ලි එපා පරෙස්සමින් යන්න” යැයි පිටට තට්ටු කරමින් පැවැසීය
ගැහැනියක් සමග පැන යයි

ප‍්‍රැන්සිස්කන් නිකායේ සිමේ නිමැක් (34) පිය නම ක්‍රොඒෂියාවේ පල්ලිය සතු වර්ග මීටර් 43,000ක ඉඩමක් යුරෝ දස ලක්ෂයකට (රුපියල් කෝටි 17.2කට) පල්ලියට හොරෙන් පෞද්ගලික සමාගමකට විකුණා විවාහක ගැහැනියක හා රටින් පැනගිය බව ද ස්ටර් පුවත්පත කියයි.

සුඛෝපභෝගී ඇඳුම් හා භාණ්ඩවලට ලොල් වූ මේ පියනම සමග පැන ගිය තරුණ කත  බැංකු සේවිකාවකි. මේ නීති විරෝධී ගනුදෙනුව අවලංගු කිරීම සඳහා ඔහු අයත් නිකාය නඩුවක් පවරා ඇත.

නිමැක්ගේ ලෝගුව ගැලැවීමට පල්ලිය තීරණය කැර සිටියදී මේ සිද්ධිය වාර්තා විය. ක්‍රෝඒෂියාවේ හාරකෝටි විසි ලක්ෂයක් වන ජනගහනයෙන් සියයට 90ක්ම රෝමානු කතෝලිකයන්ය.

උපුටා ගැනීම - ලංකාදීප
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment