Facebook

දියණිය කෙළෙසූ නරුම පියා 66 වසරක් හිරේ

සොළොස් හැවිරිදි දියණිය දූෂණය කළ බවටත්, දියණිය බරපතල අපයෝජනයට ලක් කළ බවටත්, අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි පියෙකු එම චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුට 66 වසරක බරපතල වැඩ සහිතව සිර දඩුවමක් උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරුසුනන්ද කුමාර රත්නායක මහතා විසින් ඊයේ 16 නියම කළේය.

සිය වැඩිමහල් දියණිය අවුරුදු නමයේදී ද, දෙවැනි දුව හිරගතවීමට කලින් කෙළෙසූ මෙම නරුම පියා 18 වසරක සිරදඩුවමක් වසර 8ක් ගෙවමින් සිටි සිරකරු බන්ධනාගාරයේ සිට උසාවියට ගෙන එනු ලැබීය.

මුලින් නිවැරදිකරු යැයි කියා සිටි ඔහු පසුව චෝදනා හයටම වරද පිළිගත්තේ ය.

මෙවැනි අපරාධකරුවනට ඉහළම දඩුවම් දෙන්නැයි පැමිණිල්ලේ නීතීඥවරයා උසාවියෙන් ඉල්ලා සිටියේය.

රුපියල් දෙලක්ෂයක වන්දියක් ද, රුපියල් ලක්ෂ එකහමාරක දඩයක් නියම කළ විනිසුරු වන්දිය හා දඩ නොගෙවන්නේ නම් සිරදඩුවම තවත් මාස 15කින් වැඩිවෙන බව විනිසුරුවරයා දන්වා සිටියේය.

දඩුවමට අමතරව ඔහුට එදිරිව තිබූ චෝදනා 06 ට රුපියල් 150,000 ක දඩ මුදලකුත් දියණියට රුපියල් දෙලක්‍ෂයක වින්දි මුද‍ලකුත් ගෙවන ලෙස විනිසුරු වරයා නියෝග කළේය. එම දඩ මුදල් සහ වන්දි නොගෙවන්නේ නම් තවත් මාස 33 ක ලිහිල් සිරදඩුවමක් ද විනිසුරුවරයා විත්තිකරුට නියම කළේය.

Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment