ජංගම දුරකතනවලින් ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවයක් මත නොදුටු තරුණ යුවලක් හොරණ නගරයේදී හමුවී හදිසියේම විවාහ වී තරුණිය සිය මවුපියන්ටවත් නොදන්වා එම තරුණයා සමග පලාගොස් ඇතැයි අගුරුවාතොට ප්‍රදේශයෙන් වාර්තා වේ.අරුවාතොට පොලිසියෙන් දැනගන්නට ලැබුණු පරිදි අවු. 18 වන අරුවාතොට පදිංචි තරුණිය බදුල්ල ප්‍රදේශයේ වයස අවු. 35 ක පමණ තරුණයෙකු සමග ජංගම දුරකථනය මගින් හඳුනාගෙන මාස කීපයක් දුරකථනය මගින් සම්බන්ධතාවයන් ගොඩ නගාගෙන ඇත.
මීට දින දෙකකට උඩදී බදුල්ලේ තරුණයා හොරණ නගරයට පැමිණ ඇති අතර තරුණියද හොරණ නගරයට පැමිණ දුරකථන සංවාද මගින්ම මුණ ගැසී ඇත.
පසුව දෙදෙනා අතර තිබූ දැඩි සම්බන්ධතාවය මත ඔවුන් දෙදෙනා විවාහ වී තරුණිය සිය නිවෙසටවත් නොදන්වා එම තරුණයා සමග පලාගොස් ඇත.
සිද්ධිය පිළිබඳව තරුණියගේ මව අරුවාතොට පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙහිදී දුරකථන මගින් එම තරුණිය තම පෙම්වතා සමඟ විවාහ වී ඇති බව දන්වා ඇත.
පසුව ඔවුන් පිළිබඳව කරණු ලැබු විමසීමකදී එම තරුණයා විවාහකයෙක් බව අනාවරණය වී තිබේ.
අරුවාතොට පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.
Blogger Comment
Facebook Comment